ඉස්සර කාලේ බළල් රාල හිටියේ කැලෑවෙනේ. ඉතින් එයාගෙන් පුංචි සතුන්ට
බොහෝම හිරිහැර වුනා. ඔන්න ඉන් පස්සේ මේ පුංචි ඈයෝ ටික එකතුවෙලා
මේ කරදරේට මොකද කරන්නේ කියලා කල්පනා කලා. එයාලා
බළල් රාළට කිවුවා “අපට හිරිහැර කරන්න එපා ....කියලා
ඒත් බලල් රාල මේ කතාවලට කන් දුන්නේ නැහැ.
දවසක් මේ කරදරේ ඉවසාගෙන ඉන්නම බැරි තැන පුංචි කුරුල්ලෝ, ලේන්නු එහෙම එකතු වෙලා
අලි රාළහාමිට පැමිණිලි කලා. අලි රාළහාමිත් කීපවතාවක්ම බළල් රාළට අවවාද කලා.
කොයිතරම්ම කිවුවත් මේ බ ළල් රාළ නොවෙයිනේ කනකටවත් ගත්තේ.
එයා හොරෙන් හොරෙන් පුංචි සත්තු අල්ලාගෙන කන පුරුද්ද අත්හැරියෙම නැහැ.
කොහොම කොහොම හරි අලි රාළහාමි නැවත වරක් බලල් රාලට අවවාද කලා.
ඒත් හිතුවක්කාර බළල් රාළ මේ කතන්දර වලට කන් දුන්නේ නැහැ.
ඔන්න ඉතිං අලි රාළහාමිට හොදටම කේන්ති ගියා. දන්නවද එයා මොනවද කලේ කියලා.
අර එයාගේ දිග හොඩයෙන් අල්ලලා බලල් රාළට හොදටම රිදෙන්න දෙක තුනක්
ගහලා කැලෙන් පන්නා දැම්මා.
ඉන්පස්සේ බළල් රාලට ඉන්න තැනක් නැහැනේ. එයා ගමට ආවා. බළල් රාළ ගෙවල් වල ඉන්න
පුරුදු වුනේ එදා ඉදන් තමයි. අලි රාළහාමි එයාට දඩුවම් කල විදිය මතක් වෙනකොට අදටත්
බළල් රාළට ඤාව් ගාල කෑගැහෙනවා.
ඒත් අර සත්තු දඩයම් කරන නරක පුරුද්ද නම් එයා තාම අත්හැරලා නැහැ.
ෆවූඌඌඌඋ ඤායියා
ReplyDeletechanaka....
ReplyDeleteහ්ම් හ්ම්....
කතාව හරිම රසවත් විදියට ලියලා තියෙනවා.මේ සාහිත්‍ය මාසයට ගැලපෙන ලිපියක්.
ReplyDeletejothishalanka..
ReplyDeleteස්තුතියි, විවේචනය අගේ කරනවා.