අන්දරේ ඉතිං මුඵ දවස පුරාම ඉන්නේ රජ වාසලේනේ. ඒ හින්දාම රජවාසල අන්දරේට අමුතු තැනක් නෙමෙයි. අනෙක් අතට බලනකොට රජ වාසලේ ඇත්තන්ට අන්දරේ කියන්නේ අමුතු පුද්ගලයෙකුත් නෙමෙයි. නිතර දකින කෙනා නේ. අන්දරේ එක්ක කතා බහ කරන්න විහිළුවක් කියන්න, ඒ විතරක් නෙමෙයි ඕනෑම රහසක් කියන්නත් රජ වාසලේ කිසිම කෙනෙක් බය උනේම නැහැ.
ඔන්න ඉතිං එක දවසක් රජ බිසව අන්දරේට කතා කලා. හොදට වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගත්තා.
“අන්දරේ....මම උඹට එන්න කිවුවේ රහසක් කියන්නයි...හැබැයි මේ වගක් කාටවත් කියන්නෙ එහෙම නැහැ. මේ කතාව රජතුමාවත් දන්නේ නැහැ. දන්නේ අපි දෙන්නා විතරමයි... බිසව එහෙම කිවුවා.
“හොදයි බිසවුන් වහන්ස, මම සියලුම රහස් රකින්නම්. මා හට පවසනු මැනවි. කියලා අන්දරේ රජ බිසවට කිවුවා.
“මට ආසයි අන්දරේ කුරක්කන් පිට්ටුත් එක්ක තිත්තයන් මැල්ලුමක් කන්න. උඹට පුළුවන්නේ ඇඹේනියට කියලා මට ටිකක් හදවලා දෙන්න. අග බිසව ඇහුවා.
“අපොයි ඕක සුළු දෙයක්නේ. මම හදවලා ගෙනැත් දෙන්නම්....අන්දරේ කිව්වා.
රජවාසලින් එළියට ආපු අන්දරේ ගමේ තිබුණ හැම ගෙදරකටම ගියා.
“අපේ රජ්ජුරුවන් වහන්සේගේ බිසවුන් වහන්සේට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි කන්න ආස හිතිලා. තම තමන්ට හැකි ආකාරයට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි හදාගෙන කද බැදගෙන හෙට දවල්ට ආවොත් හොදයි.....අන්දරේ හැමෝටම පණිවුඩේ කිවුවා. ආයේ ඉතිං රජ නියෝගයක් කිසිම කෙනෙක් කඩන්නේ නැහැනේ. ඇයි ඉතිං රාජ උදහසට ලක්වෙනවා නොවැ. කොයිතරම්ම වැඩ තිබුනත් පහුවදා ඒ හැමදේම පැත්තකට දාලා කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි හදන්න ගත්තා.
ඉතිං ඔන්න එදා රජ තුමායි දේවියයි සදලු තලේ කතා බහ කරමින් ඉන්නකොට රජමාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තෙන් ලොකු ගාලගෝට්ටියක හඩක් ඇහුනා. බැලින්නම් විශාල පිරිසක් දොරටුව ලග රැස් වෙලා ඉන්නවා. හැම කෙනාගෙම කරේ බරට බරේ දන් කදක්. දන් කදවල් තියාගත්තු මිනිස්සු වැල නොකැඩි රජවාසල පැත්තට එනවා.
රජ්ජුරුවන්ට හරිම පුදුමයි මේ වැඩේට. මේ තරම් පුද පඩුරු අරන් එන්න තරම් කාරණාවක් ගැන රජතුමා කල්පනා කලා. එහෙම හේතුවක් එතුමාට නිකමටවත් මතක් වෙන්නේම නැහැ. රජතුමා සේවකයෙකු යැවුවා විස්තර දැනගෙන එන්න කියලා. ටික වෙලාවකින් රජු ලගට පැමිණි සේවකයා නමස්කාර කරලා මේ විදියට කිවුවා.
“අවසර දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කන්න ආසයි කී කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි කද බැදගෙනයි මිනිස්සු ඇවිත් තියෙන්නේ.....
රජු ලග හිටපු බිසව ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා. බිසවගෙන් විස්තර දැනගත් රජතුමා මේකත් මේ අන්දරේගේ විහිළුවක්ම බව තේරුම් ගත්තා. එතුමාටත් හොදටම හිනා වෙච්ච වැඩේට.

No comments:
Post a Comment