සංඝ පදිංචි වෙලා හිටියේ කොටසර, කීලවැව කඩවිට නම් ගමේ. ඔහු බොහෝම ධනවත් කෙනෙක්. ඒ වගේම
දරුවන් සත් දෙනෙකුගේ පියෙක්. සංඝගේ දරුවන් හත්දෙනාගේ බඩපිස්සා තමයි
නිමල කියන්නේ.
ඉතින් මේ කියන වකවානුවේදී එළාර රජතුමාගෙන් මාගම්පුරයට නිතර නිතර කරදර තිබුණා. ඒ
නිසාම මහවැලි ගග අසබඩ කසාතොට සිංහලයන්ගේ
හමුදාවක් නිරන්තරයෙන්ම
මුර කිරීමේ කාර්යයට යොදවා තිබුණා.
මේ ඉසව්ව බාරව හිටියේ දීඝාභය කුමාරයා.
දවසක් මේ නිමල දීඝාභය කුමාරයා හමුවෙන්නට
ගියා. “නුඹ කවදාද ගෙදරින් ආවේ.....
“අද උදේමයි.......
“මොනවා වෙන්ට බැහැ????? ඇරත් මෙච්චර දුරක්?
“ඔව්....නිමල පිළිතුරු දුන්නා.
ඉතින් නිමලගේ කතාව සැබෑවක්දැයි පරීක්ෂා කරන්නට දීඝාභය කුමාරයා උපායක් යෙදුවා.
“දරුවා මගේ මිත්‍රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා
මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ
නුඹට පුළුවන්ද එයාට ලියුමක් දීලා එන්ට....
ඉතින් නිමල වහාම කුණ්ඩල හමුවුණා.
“කවද්ද එන්ට පිටත් වුණේ? ඔහු ඇසුවා.
“අද උදෙන්මයි??? මේ පිළිතුරෙන් බමුණා පුදුමයට
පත්වුණා. “මෙපමණ දුරක්??????
“එහෙනම් ගිහින් නාලා එන්ට කෑම ටිකක් කන්ට...
නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔහු අනුරාධපුරයට ගොස්
තිසා වැවෙන් දිය නාගෙන ජය ශ්‍රී මහා බෝධියත්
වැදපුදා ගෙන ආපසු ආවා.
කුණ්ඩල ඔහු ගිය ගමන් අසා විමතියට පත් වී
දුටුගැමුණු රජුට ඔහුව බාර දුන්නා.
ඒ වනවිට නිමලගේ වයස කීයද දන්නවද?
අවුරුදු දොළහයි.
දුටුගැමුණු රජතුමා මසුරන් තිස්දහසක් වටිනා
බදුනක් හැදුවා. ඉන්පසුව කහවනු අමුණු
තුනක් රැස්කර එහි බදුන තැබුවා. රා දහසය
නැළියක් බදුනට පිරවූ රජතුමා “ මෙය බොන්නැයි
හැමටම අභියෝග කලා.
එහෙත් කිසිකෙනෙක් මේ අභියෝගය බාර ගත්තේ නැහැ. හැමෝම පසුබාන්නට වුණා. නමුත්
නිමල එය බිව්වා. එදා සිට ඔහු
සුරනිමල වුණා.
විජිත පුර සටනේදී ගැමුණු රජුට මහත් සේවයක් කල සුරනිමල යෝධයා සටනින් පස්සේ
බොහෝම පින් දහම් කරමින් කාලය ගත කලා.
No comments:
Post a Comment