සුවද කැකුළු

Sunday, March 25, 2012

හාවා

 
දවල් තිස්සේ
පදුරු අස්සේ
හැංගෙන පොඩි හාවා
පාට දුඹුරු - ඇස් වටකුරු
ලෝම තියෙන හාවා

කට දෙපැත්තෙ
කෙදි බුරුත්ත
දිගට ඇදුණු හාවා
අතන අන්න
බතල කන්න
ඊයේ රෑ ආවා


(ඇස් මහින්ද හිමි)