අප රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන පුංචි දරුවෝ අහලා ඇති. ඒ තරමටම මේ චරිතය බොහෝම
ප්‍රසිද්ධයිනේ. මේ දුටුගැමුණු කුමාරයාගේ
පිය රජතුමා තමයි කාවන්තිස්ස කියන්නේ.
මව විහාර මහා දේවිය. ඔහුගේ සොයුරා තිස්ස කුමාරයා.
ඉතින් මේ ගැමුණු කුමාරයා තමන්ගේ පියා
එක්ක උරණ වෙලා ඔහුට කාන්තාවකගේ
ඇදුම් යැවීමෙන් පසුව ඔහු දුටු ගැමුණු බවට පත්වුණා.
එළාර රජු එක්ක යුධ වැදුනු දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයන්ගෙන් විශාල උදව් උපකාර ලැබුණා. මේ දසමහා යෝධයන් තමයි නන්දිමිත්ර යෝධයා, ලභියවසභ යෝධයා,ඛඤ්ජදේව යෝධයා, ථේරපුත්තාභය යෝධයා, මහාභරණ යෝධයා,වේළුසුමන යෝධයා, ඵුස්සදේව යෝධයා, සුරනිමල යෝධයා, ගෝඨයිම්භර යෝධයා, මහා සෝන යෝධයා
ඔන්න ඉතින් මම දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් ගැන කියලා දෙන්නයි හදන්නේ...........
නන්දිමිත්ර යෝධයා 1
එළාර රජුගේ හමුදාවේ හිටපු මිත්ත සෙන්පතියාගේ නැගනියගේ පුතා තමයි නන්දිමිත්ර කියන්නේ. ඔහුගේ
උපන් ගම අනුරාධපුර කඩදොර නම් ගමයි.
මේ නන්දිමිත්ර පුංචි කාලයේ ඉදලම බොහෝම දගයෙක් වුණා. අනෙක් සමවයසේ දරුවන්ට නොකල හැකි බොහෝ දේ මොහුට කිරීමට හැකියාවක් තිබුණා.
ඔහුගේ සමහර දග වැඩ නිසා මව්පියන් පවා අපහසු
තාවයට පත්වුණ වෙලාවල් තිබුණා.
දිනක් මේ නන්දිමිත්රගේ දගවැඩ ඉවසිය නොහැකි වූ
ඔහුගේ මව හම් පටියකින් ඔහුව ඇඹරුම් ගලේ බැද තබා, දිය ගෙන එන්නට ගියා. තමන්ගේ වෙර
යොදා ඇඹරුම් ගලට තබා බැදි හම් පටිය කඩා දැමු නන්දිමිත්ර මවගේ පිටුපස දිවගියා.
දිය ගෙන ආපසු ගෙදරට එමින් සිටි මව තම පුතු දැකීමෙන් ඉමහත් පුදුමයට පත් වුණා. දග වැඩ කෙසේ වෙතත් මේ පුංචි පුතුගේ කාය ශක්තිය ගැන මව මහත්සේ සතුටට පත්වුණා.
මේ නන්දිමිත්රගේ ගමේ පන්සලේ විශාල උණ පදුරක් තිබුණා. ඉතින් මේ උණ පදුර හාමුදුරුවන්ට විශාල කරදරයක් වෙලයි තිබුණේ. ඒ නිසා ගම්වැසියන් එකතු වෙලා මෙය ගලවන්නයි උත්සාහ කලේ.
“මේ තරම් මොනවට මහන්සි වෙනවද අපෙ හාමුදුරුවනේ...කියූ ගැටවර වියේ පසුවූ නන්දිමිත්ර මද සිනාවක් පෑවා.
“මහන්සි නොවූ කොහොමද බොල මේක ගලවන්නේ...හාමුදුරුවෝ නන්දිමිත්‍රගෙන් ඇසුවා.
නන්දිමිත්ර ශක්තිමත් ලණුවක් රැගෙන එය උණ පදුරෙහි බැන්දා. ඉන්පසු එය ඇද්දා. සියල්ලන් පුදුම කරවමින් මෙම පදුර ගැලවී ගියා.
දිනක් මේ නන්දිමිත්ර සිය මාමා හමුවෙන්නට අනුරාධපුරයට ගියා. මේ අවස්ථාවේදී බුදු දහමටත් ජය ශ්‍රී මහා බෝධියටත් එළාර රජුගේ හමුදාවන් කරන විනාශය දැක්කා. මෙය දුටු ඔහුට විශාල කෝපයක් ඇති වුණා. ඉන්පසු ඔහු දුටුගැමුණු රජ හමුවන්නට ගියා.
එක් දිනෙක දුටු ගැමුණු රජුගේ කණ්ඩුල නම් ඇත් රාජයා මද කිපුණා. ඌ මෙල්ල කරන්නට සමත් කෙනෙකු හිටියේ නැහැ. මේ නන්දිමිත්ර ඇතුගේ දළ දෙකින් අල්ලා ඌ දණ ගස්සවා මෙල්ල කරවූයේ සියල්ලන්ගේම විමතිය මැද්දේ.
විජිතපුර පැවති සටනේදී දුටුගැමුණු කුමාරයාට, අති මහත් සේවයක් නන්දිමිත්‍රගෙන් සිදුවුණා. යුද්ධයෙන් දිනුවාට පසු පුත්තලමේ දැදුරු ඔය අසබඩ ගම්වරය ලැබූ මොහු බොහෝම කාලයක් ජීවත් වුණේ කාගේත් සිත් දිනාගෙන හැමෝටම උදව් උපකාර කරමිනුයි.
thanks for dasama yodayo. I waws looking for those stories to tell my little one. He really enjoys listening to them.
ReplyDelete-Chamali Lankara