සුවද කැකුළු

Monday, September 19, 2011

වේළුසුමන යෝධයා 9

ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ නායකයා තමයි වසභ.  ඔහුගේ පුතාගේ නම වේළුසුමන.  වසභගේ මිතුරකු වන සුමන ජනපද පාලකයා ලග අශ්වයෙකු හිටියා.  මේ අශ්වයා මෙල්ල කරන්නට කාවටත් බැහැ.  වේළුසුමන ඌව මෙල්ල කර උගේ පිටේ නැගී වේගයෙන් ගමන් කලා.  මේ සිද්ධිය දුටු සුමන,  “පුතේ උඹ නම් කාවන්තිස්ස රජතුමාගේ සේවයට තමයි සුදුසු.....කියා එහි යැව්වා.


විහාර මහා දේවියට දොළදුකක් ඇති වුණා. එළාර රජුගේ යෝධයින්ගේ ප්‍රධානියා ගේ හිස සිදි කඩුව මත හිද තිසාවැවෙන් දිය නාන්නට.  අනුරාධපුරයට ගිය වේඵසුමන යෝධයා එළාරගේ රණමද්දව අසු උපායකින් රැගෙන එලාරගේ අගනුවරට  පැමිණ,


“කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා මමයි.  හැකිනම් අල්ලගනු. කියමින් කෑ ගැහුවා.  
එළාරගේ මහා යෝධයා වූ නන්ද සාරතී වේළුසුමන පසුපස පැන්නුවත් වේළුසුමන ඔහුගේ හිස කපා ඒ හිසත් රැගෙන කඩුවත් සමගින් විහාර මහා දේවිය හමුවුනා.


එළාර රජුට විරුද්ධ සටනේදී අති මහත් සේවයක් කල වේළුසුමන දුටුගැමුණු රජුට සිටි හොදස අසරුවා බව ජනප්‍රවාදයේ කියැවෙනවා.

3 comments:

  1. එලාරගේ අග නකරයට පැමිණ,

    නිවරදි වියයුතුයි එළාරගේ අගනුවරට පැමිණ; විදියට නේද..

    ReplyDelete
  2. ස්තුතියි වැරදි අඩුපාඩු පෙන්නනවට. ඔන්න මම ඒක නිවැරිදි කලා.

    ReplyDelete