එකමත් එක කාලෙක රතු කිකිළියෙක් හිටියා. එයාගේ කුකුළු පැටියා
හරිම මුරන්ඩුයි. දවසක් ඉතිං මේ කුකුළු පැටියා රතු කිකිළිට හොරෙන්
තනියම කෑම හොයන්න ගියා. ඒත් එයාගේ අම්මා
එයාට කියලා තියෙන්නේ තවම එයා පුංචි පැටියා නිසා තනියම කොහේවත්
යන්න එපා කියලා. නමුත් මේ කුකුළු පැටියා අම්මා කියන දේ
ඇහුවේ නැහැ.
ඔන්න ඉතිං එයා ඇවිදන් ගිහින් පුංචි කුණු ගොඩක් ඇවිස්සුවා.
පනුවෙක් වගේ මොකක්දෝ දෙයක් දැකලා එයා ඒක
හොටෙන් ඇද්දා. අපොයි දෙයියනේ
ඒ පනුවෙක් නෙමෙයිනේ. මී හාමි කෙනෙක්නේ.
“මට මගේ පාඩුවේ ඉන්න නොදි මොකද කුකුල් පැටියෝ මගේ වලිගෙන්
ඇද්දේ. උඹට පිස්සුද? හිටපන් මං උඹට හොද වැඩක් කරන්න.
ඔන්න ඔහොම කියලු මී හාමි කුකුළු පැටියගේ ඇගට පැන්නා.
දෙයියනේ කුකුළු පැටියා හොදටම බය වුණා. හොදවෙලාවට
ඒ වෙලාවෙම රතු කිකිළි එතැනට ආවා. හැබැයි කුකුළු පැටියව බය
කරන්න හැදුවට මී හාමි කුකුළු අම්මට නම් හොදටම බය වුනා. බය වෙච්ච පාර
මී හාමි පැනලා දිවුවා. ඔන්න ඉන් පස්සේ නම් කුකුළු පැටියා කවදාවත්ම
තනියෙන් කොහේවත් ගියේ නැහැ. අම්මා කියන දේ අහගෙන
හොද පැටියෙක් උනා.