සුවද කැකුළු

Monday, October 15, 2012

ප්‍රස්ථා පිරුළු


මට නිකමට වගේ හිතුනා අද ප්‍රස්ථා පිරුළු ටිකක් දැම්මොත් හොදයි කියලා.  බලන්න මේවා අහලා තියෙන දන්න ඒවද කියලා?

1  අගේ ඉදන් කන කනවා වගෙයි
2  අට වම්බොටු නව සුංගම් අයකරා වාගෙයි
    (වම්බොටු අටකට නවයක් බදු අයකරා කියන එකයි)
3  අත්තටු කපා පියඹන්ට කිවුවා වගෙයි
4  අත හයිය නම් බත වරදීද
5  අතර මගදී අත්වැල කැඩුනා වාගෙයි
6  අතිරසත් තිත්ත වෙනවාලු
7  අත දීලා දත නියවන්න එපා
8  ඉරටු දුන්නෙනුත් ඇස් කණ වෙනවාලු
    (ඉතා සුළු ආබාධයකින් වුනත් විශාල අනතුරක් සිදුවන බවයි)
9  ඉස අතගා ඇහැ උලුප්පනවා වාගෙයි
    (හිතවත් බවක් පෙන්වා විපතක් කිරීම)
10 ඉසේ කුණු තබාගෙන ඉස්සා මම සුදනයි කියනවාලු
11 ඉබ්බෝ කවදද ගස් ගියේ
12 ආප්ප පනමට ඉඩම දුන්නා වාගෙයි
     (වටිනා දෙයක් ඉතා අඩු මුදලකට විකුණූ විට මෙසේ කියවේ)
13 ඇගිලි පහම එකවගේද?
14 ඇගෙන් ඇටයක් ගියා වගෙයි
15 ඇග ගලවා ගන්නවා
     (යම් වගකීමකින් ඇග බේරා ගන්නවා)
16 ආරේ ගති නෑරේ
17 ඉවසීමෙන් සැනසීම ලැබේ
18 උගුර ඉදිකටුව, බඩ අම්බලම
    (ඉක්මනට කන්නත් බැහැ.  හුගක් කන්නත් ඕනෑ)
19 ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවාලු
     (අසාධාරණ ලෙස පළමුව දිනන වස්තුව ඉක්මනින්ම වැනසෙනවාලු)
20 ඌ කල දේ ඌ ගෙනයයි. තෝ කල දේ තෝ ගෙනයයි
21 උපාසක කමත් හැම විටම හොද නැතිලු.
22 උරුලෑවා ගිය පාර වගෙයි
23 ඌරන් ඉදිරියේ මුතු නොදමනු
     (අගය නොදත් කෙනෙකු ඉදිරියේ කිසිදෙයක් නොකල යුතුය)
24 කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
25 කාගෙත් ඇහැ ඇරෙන්නේ වුනාට පස්සෙයි
26 කාලකණ්නියා යන යන තැන ගල් වරුසාවල්
27 කාපු බතේ පැහැරුවා වගෙයි
28 ගොළුවා දුටු හීනය වගෙයි
29 කොට බල්ලාගේ හාදකම වගෙයි
     (බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි.  එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක)
30 ගොයම් කුඹුරට හරක් ගන්නේ කවුද?
     (තමන්ගේ ව්‍යාපාරයට සොරුන් සම්බන්ධ කර නොගන්නා බවයි)

Sunday, October 14, 2012

සමනළයා



උයන් කෙළි කෙළන මල් කුමරියන් කෙ            රෙන්
අරන් රොන් රසය මල් කුමරෙකුගේ යු               රෙන්
බියෙන් මෙන් පියාඹන හැටි මටත් හො               රෙන්
මගෙන් උඹට වරදක් නැහැ ළගට ව                    රෙන්

නිල් වන් අහස තනියම ඔය බම                          න්නේ
සෙල් ලම් කරන්නට ද  උඹ මට කිය                   න්නේ
මල් පෙති ලෙසින් මේ අත්තටු පෙනෙ                න්නේ
මල් ලෝකයේ කොතැනද උඹ උප                     න්නේ

යුත් නව සුවද මල් ගොමුවල පැණි බො               න්ට
සිත් සේ සුනිල් ගුවනෙහි රස විදග                       න්ට
අත් තටු දෙකක්  ‍්ඹට මෙන් මට පියඹ                 න්ට
ඇත් නම් මමත් එමි උඹ එක්කම ය                     න්ට

ඉන්න තැනක් සොයමින් මෙන් මන පි                නවා
අන්න තවත් සමනළයෙක් පියඹ                         නවා
එන්න කිය කියා ඌ ‍්ඹට අමත                            නවා
යන්නද? හොදයි එහෙනම් මා නවති                   නවා

(මෙය ඇස් මහින්ද හිමියන් විසින් රචිත කවි පංතියකි - ළමා කව් කළඹ)