සුවද කැකුළු

Monday, October 15, 2012

ප්‍රස්ථා පිරුළු


මට නිකමට වගේ හිතුනා අද ප්‍රස්ථා පිරුළු ටිකක් දැම්මොත් හොදයි කියලා.  බලන්න මේවා අහලා තියෙන දන්න ඒවද කියලා?

1  අගේ ඉදන් කන කනවා වගෙයි
2  අට වම්බොටු නව සුංගම් අයකරා වාගෙයි
    (වම්බොටු අටකට නවයක් බදු අයකරා කියන එකයි)
3  අත්තටු කපා පියඹන්ට කිවුවා වගෙයි
4  අත හයිය නම් බත වරදීද
5  අතර මගදී අත්වැල කැඩුනා වාගෙයි
6  අතිරසත් තිත්ත වෙනවාලු
7  අත දීලා දත නියවන්න එපා
8  ඉරටු දුන්නෙනුත් ඇස් කණ වෙනවාලු
    (ඉතා සුළු ආබාධයකින් වුනත් විශාල අනතුරක් සිදුවන බවයි)
9  ඉස අතගා ඇහැ උලුප්පනවා වාගෙයි
    (හිතවත් බවක් පෙන්වා විපතක් කිරීම)
10 ඉසේ කුණු තබාගෙන ඉස්සා මම සුදනයි කියනවාලු
11 ඉබ්බෝ කවදද ගස් ගියේ
12 ආප්ප පනමට ඉඩම දුන්නා වාගෙයි
     (වටිනා දෙයක් ඉතා අඩු මුදලකට විකුණූ විට මෙසේ කියවේ)
13 ඇගිලි පහම එකවගේද?
14 ඇගෙන් ඇටයක් ගියා වගෙයි
15 ඇග ගලවා ගන්නවා
     (යම් වගකීමකින් ඇග බේරා ගන්නවා)
16 ආරේ ගති නෑරේ
17 ඉවසීමෙන් සැනසීම ලැබේ
18 උගුර ඉදිකටුව, බඩ අම්බලම
    (ඉක්මනට කන්නත් බැහැ.  හුගක් කන්නත් ඕනෑ)
19 ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවාලු
     (අසාධාරණ ලෙස පළමුව දිනන වස්තුව ඉක්මනින්ම වැනසෙනවාලු)
20 ඌ කල දේ ඌ ගෙනයයි. තෝ කල දේ තෝ ගෙනයයි
21 උපාසක කමත් හැම විටම හොද නැතිලු.
22 උරුලෑවා ගිය පාර වගෙයි
23 ඌරන් ඉදිරියේ මුතු නොදමනු
     (අගය නොදත් කෙනෙකු ඉදිරියේ කිසිදෙයක් නොකල යුතුය)
24 කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
25 කාගෙත් ඇහැ ඇරෙන්නේ වුනාට පස්සෙයි
26 කාලකණ්නියා යන යන තැන ගල් වරුසාවල්
27 කාපු බතේ පැහැරුවා වගෙයි
28 ගොළුවා දුටු හීනය වගෙයි
29 කොට බල්ලාගේ හාදකම වගෙයි
     (බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි.  එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක)
30 ගොයම් කුඹුරට හරක් ගන්නේ කවුද?
     (තමන්ගේ ව්‍යාපාරයට සොරුන් සම්බන්ධ කර නොගන්නා බවයි)

6 comments:

  1. හැම පිරුළකටම විස්තර කිරීම දෑවනම් අගේ කියල නිම කරන්න බෑ. ඉතාම වටිනවා දරුවන්ට.
    ජය වේවා.

    ReplyDelete
  2. දයියා

    ඔයාගේ අදහසනම් ගොඩක් වටිනවා. මට පොඩ්ඩක් විතර කම්මැලි හිතුනා එකයි නිකම්ම මෙහෙම දැම්මේ. ඊලගට විස්තර දාන්නම්. ස්තුතියි අදහස් හරිම වටිනවා

    ReplyDelete
  3. watina post ekak,digatama karagena yanna,jaya wewa :)

    ReplyDelete
  4. nuwan

    ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
  5. වටිනා බ්ලොග් අඩවියක් ,, අදමයි ආවේ මලමි

    ReplyDelete
  6. ස්තුතියි ආවට. ආයෙත් ඇවිත් යන්න එන්න

    ReplyDelete