සුවද කැකුළු

Wednesday, September 2, 2015

කුමාරතුංග මුනිදාස මහතා



ඔන්න ඉතිං බොහෝම කාලෙකට පස්සේ දැන් පුංචි නිදහසක් ලැබුණා ලියන්න කියන්න.  අද ඉතිං මං කියන්න හදන්නේ කුමාරතුංග මුනිදාස මහතා ගැන.  මේ කරුණු සියල්ල 5 වසර පොත පතින් උපුටා ගත්ත දේවල් කියලත් මතක් කරන්නම ඕන.

වර්ෂ 1887 ජුලි මාසයේ 25 වෙනිදා දකුණු පළාතේ මාතර දික්වැල්ල කියන ග්‍රාමයේ තමයි කුමාරතුංග මුනිදාස මහතා ඉපදිලා තියෙන්නේ.  ගමේ සිංහල පාසැලෙන් හා මාතර ශාන්ත තෝමස් කුමරි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු මෙතුමා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුලත් වෙලා අවුරුදු දෙකක ගුරු පුහුණුවෙන් පසුව සිය සේවය ආරම්භ කරලා තියෙන්නේ ගුරුවරයෙක් විදියටයි. 
මෙතුමාගෙන් සිංහල භාෂාවට හා සිංහල සාහිත්‍යයට සිදුවූ සේවාව කියලා නිම කරන්න බැහැ.  කුමර ගී, මගුල් කෑම, සුර කුමරිය, හත්පණ, කියවන නුවණ, පිය සමර,  වගේ වටිනා ග්‍රන්ථ රැසක් මෙතුමා විසින් රචනා කරලා තියෙනවා. 

ඒ වගේම ව්‍යාකරණ පිළිබදව තිබුණ ගැටලු නිරාකරණය කිරීමට මෙතුවා විසින් පොත් 2ක් රචනා කරලා තියෙනවා ඒවා ව්‍යාකරණ විවරණය හා ක්‍රියා විවරණය නමින් ප්‍රචලිතයි.
බොහෝ කාලයක් සිංහල භාෂාවට සාහිත්‍යයට විශාල මෙහෙවරක් කල මෙතුමා වර්ෂ 1944 මාර්තු 2 වන දා මෙලොවින් සමුගත්තා.

No comments:

Post a Comment