සුවද කැකුළු

Showing posts with label ටිබෙට් ජාතික එස් මහින්ද හිමි (කවි). Show all posts
Showing posts with label ටිබෙට් ජාතික එස් මහින්ද හිමි (කවි). Show all posts

Monday, November 26, 2012

මීයා


ඇද ඇතිරිලි කොට්ට මෙට්ට
පෙට්ටි පැදුරු ඇදුම් බැදුම්
ඇවිත් රෑට මේ මීයා
කෑලි කෑලි කපා දමයි

ලූණු මිරිස් උම්බලකඩ
කැවුම් කොකිස් මුං අග්ගල
නොවසා එළියේ තැබුවොත්
අරන් යන්නෙ මේ මීයා

දැලි පිහියක් වගේ තියුණු
දත් දෙපෙළක් තිබෙන මූට
ඉඩ ලැබුණොත් ඕනැ දෙයක්
ලේසියෙන්ම කපතෑකී

ගොඩ ගොඩවල් කැත කුණු ඇති
අහු මුළුවල කූඩු හදයි
බෝ වී යන මහමාරිය
මුගෙන් හැදෙන නපුරු ලෙඩකි

දික් වලිගය වටකුරු ඇස්
සහ පොපියන නාස් දෙ පුඩු
හුරතල් පෙනුමක් ඇති මූ
විකුවොත් නම් බොහොම විසයි.




ළමා කවි කළඹ

Friday, November 16, 2012

මල් උයන

කූඩලු අරලිය වතුසුදු
රුක් අත්තන ගොඩ මානෙල්
බදුවද බුත්සරණ ඉද්ද
රාජ පොහොට්ටු ද කනේරු

වෙන වෙන හොද පාට ඇදුම්
ඇදගත් පොඩි ළමයි පෙළක්
වගෙයි නේද මේ ගස් ටික
නොයෙක් පාට මල් පිපිලා

මගේ නංගිගෙ පොඩි හිනාව
වගේය මේ පිච්ච පොකුර
ඇගෙ කම්මුල් දෙකේ පාට
කොයින්ද මේ රෝස මලට

ඉරුගේ පොඩි පැටවුන් මෙන්
බබලන රන්වන් මල් ඇති
මේ කිණිහිරි ගහ බලන්න
මහණ වෙලා වගේ නේද?