සුවද කැකුළු

Wednesday, September 2, 2015

තේ ගැන තේ වගේම රසවත් තොරතුරු ටිකක්




ලෝකයේ තියෙන තේ වර්ග ගැන බොහෝම රසබර තොරතුරු තියෙනවා.  ඒවා තේ වගේම රසවත්.  දැනට ලෝකයේ තේ වර්ග 3000කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ.
තේ පානය නිසා දත් දිරායාම වැලකෙන බවක් කියවෙනවා.  ඒ වගේම මුඛයෙන් ඉමිහිරි සුවදක් වහනය වන බවත් පැවසෙනවා.
ටොෆි බිස්කට් චොකලට් වගේ විවිධ කෑම වර්ග නිෂ්පාදනය කරන්නත් තේ යොදාගන්නවාලු.

ශ්‍රී ලංකාව ඉන්දියාව ජපානය චීනය  රුසියාව පාකිස්තානය ඉන්දුනීසියාව තේ නිෂ්පාදනයේ පුරෝගාමීන් ලෙස සලකනු ලබනවා.
තේ වලින් නිපදවන බොහෝ දේ බටහිර රටවල්වල දකින්නට ලැබෙනවා.  මේස් හා යට ඇදුම් ක්‍රීඩා භාණ්ඩ ටී ෂර්ට් වගේ දේවල් නිෂ්පාදනයේදී බැක්ටීරියා නාශකයක් ලෙස තේ යොදා ගන්නා බව කියැවෙනවා.

ඒ වගේම තමයි තේ අඩංගු චුයිංගම් හා චොකලට් වලට ජපානයේ විශාල ඉල්ලුමක් තියෙනවාලු.  ටී බෑග් ලෙස හැදින්වෙන කුඩා තේ බෑගය පළමු වරට හදුන්වා දුන්නේ ඇමරිකානු ජාතික තොමස් සුලීවන් විසින්.  ක්ෂණික තේ මුල් වරට නිපදවන ලද්දේ 1940 වර්ෂයේදීයි.

(මේ කරුණු සියල්ල පොත පතින් උපුටා ගත් ඒවා)

No comments:

Post a Comment