සුවද කැකුළු

Showing posts with label ජාතික වීරයෝ. Show all posts
Showing posts with label ජාතික වීරයෝ. Show all posts

Monday, October 22, 2012

ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියෝ


සිංහල ජාතිකයෙක් නූනත් අපේ රටේ නොඉපදුනත් මේ ශ්‍රී ලංකාද්වීපයට මහත් සේවාවක් කල හිමි නමක් ගැන කියන්නයි හදන්නේ.  ඒ තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ.  උන් වහන්සේ ඉපදුන වර්ෂය ගැන නිශ්චිත සදහනක් නැතත් 1901 කියලා තමයි කියන්නේ.  උන්වහන්සේගේ ගිහි නම තමයි ඇස්. කේ. තෂිනම් ග්‍යල්.  ඒ නම අපට නුහුරු නුපුරුදු එකක් වුනේ උන්වහන්සේගේ උපන් රට හා ජාතිය වෙනස් නිසයි.  උන්වහන්සේ සිකිම් රටේ උපන්නෙක්.  වයස අවුරුදු 12ක් වෙනකොට ලංකාවට ඇවිත් හොදින් ශිල්ප ශ්‍රාස්ත්‍රය හදාරලා පසුව මහින්ද නමින් මහණ වෙලා තියෙනවා

උන්වහන්සේ කවි ලියන්න බොහෝම දක්ෂයි.  මේ කවි ලිවීම පටන් අරගෙන තියෙන්නේ මහණ වුනාට පසුවයි.  වෙනත් රටක ඉපදුනත් උන්වහන්සේ වැඩිපුරම කවි ලියුවේ අපේ රට, ජාතිය, ආගම ගැන. 

ජාතිය රන් විමනක්          වේ
ආගම මිණි පහනක්         වේ
එය රැක ගන්නට මෙලො  වේ
සමත් වෙතොත් පුත නුඹ  වේ

උන්වහන්සේගේ අතින් ලියැවුන කවි පොත් රාශියක් තිබුණා.  ඒවා අතර ළමුන් සදහාම ලියු පොතුත් තිබුණා.  ළමා කව් කලඹ, කව්මිණ, කව්මුතු වගේ පොත්වල තියෙන කවි බොහෝම සරළයි වගේම හරිම අර්ථවත්. 

හොද ළමයා

පාට සුවද එක ව              ගේ
තිබෙන රෝස මල ව        ගේ
කීකරු පොඩි ළමය          ගේ
කවුරුත් පවසති අ            ගේ

මව්පියන්ට ගුරුවරුන්      
ගුණවත් වැඩි මහල්ලන්   
කීකරු වන පොඩිත්තන්  
පුළුවනි ලොව බබලවන්  

රෝස මල

ගුමු ගුමු ගා මොකද හො   රෝ
අහකට පල වන ඹම         රෝ
රෝස මලේ ළගට ව        රෝ
අපිය නුඹේ සොහෝයු      රෝ



සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑගසතී

මගේ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
අර පෙනෙන්නේ පිණි බිංදුත්
හදමු එකක් ඒ වාගේ

ලේනා

ටිං ටිං ලේනා
දැන් දැන් පැන්නා
හුරතල් පානා
ඌ මගේ ලේනා

මහින්ද හිමියන් ලංකාවේ සිටිය කාලයේදී අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලයි තිබුනේ.  ඔවුන්ගෙන් මේ සිරිලක බේරා ගන්නට අපේ රටේ සිංහල වගේම දෙමළ නායකයොත් බොහෝම වෙහෙස මහන්සි වුනා.  සටන් කලා.  තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කලා.  මේ සටන් ව්‍යාපාරයේදී මහින්ද හිමියන්ගේ කවි වලින් සිදුවන මෙහෙය කියලා නිම කරන්නට බැහැ.  උන්වහන්සේ මිනිසුන්ගේ ජාතිකාහිමානී හැගීම් ඇතිවන ආකාරයේ කවි ලියුවා. 

මොන කරුමයද තව ඇහැරුණු බවක්          නැහැ
තැන තැන බියව මුලු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කොකත් කමක්               නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක්              නැහැ

මේ වගේ සිංහල ලේ කකියවන කවි තියෙන්නේ නිදහසේ දැහැන කියන කවි පොතේ.  නිදා සිටින සිංහල ජාතිය අවදි කරන්නට උන්වහන්සේගේ කවි වලින් ලොකු පිටුවහලක් ලැබුනා.  පරාධීන ජාතියක් ලෙස සිටීමේ ආදිනව උන්වහන්සේ කියා දුන්නේ කවි වලින්. 

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්          නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්          නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්    නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්     නේ

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් අපවත් වුනේ 1951 මාර්තු 16 වෙනිදා.  උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ට පඩිවරුන් බිහිවෙන්නේ ඉතාමත් කළාතුරකිනුයි. 

Friday, August 24, 2012

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ


අප කොතරම් දේ දැන් කිවුවත් කලත් දැනට වසර කිහිපයකට පෙර අපේ රට ත්‍රස්තවාදයෙන් මුදාගත් හමුදා සෙබලුන් අපට කොහෙත්ම අමතක කරන්නට පුළුවන් කමක් නැහැ.  නමුත් ඊටත් පෙර ඉතිහාසය දිහා බලනකොට විදෙස් ආක්‍රමණයන්ගෙන් අපේ රට මුදවා ගන්නට අපේ මුතුන් මිත්තන් ලේ කදුළු දහඩිය වැගිරූ බවත් අප අමතක නොකල යුතුම කරුණක්.

අති උත්තරීතර ජාත්‍යාලයෙන් හා දෑ අභිමානයෙන් යුතුව දිවා රෑ නොතකා වීරෝධාර සටන් අභියස නොසැලී සිටිමින් තමන්ගේ ජීවිත පූජා කල ජාතික වීරයින් සදා සිහි කල යුතුයි.  එවන් ජාතික වීරයින් කිහිප පලක් ගැන ලියන්නයි අද මගේ වෑයම.

1823 වසරේ සිට 1888 දක්වා වූ හැත්තෑ වසර තුල අපේ රටේ උපන් විරු දරුවන් කිහිප පලක්ම සිටිනවා.  මේ ලක් පොළවේ ස්වාදීනත්වය රෑකීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාමයි.  ඒ කාල වකවානුව අපට වඩාත් වැදගත් වන්නේත් ඒ නිසාමයි.

ශ්‍රී සුමංගල හිමියෝ

1827 ජනවාරි 20 වන දින හික්කඩුවේදී උපන් ශ්‍රී සුමංගල හිමියන්ගේ ගිහි නම වූයේ දොන් නිකලස් අබේවීර ගුණවර්ධනයි. එතුමන් වයස අවුරුදු 13දී පමණ පැවිදි බිමට ඇතුලත්ව ලක් ඉතිහාසය තුල සිය නම රන් අකුරින් ලියවීය.  සුමංගල හිමියන් උපන් කාල වකවානුව ලක් වැසියන්ට හා සිරිලකට එතරම් සුභදායී කාලසීමාවක් වුනේ නැහැ.  සත්‍ය වසන් කල අන්‍යාගමිකයෝ බොරුවෙන් හා අයුක්තියෙන් තමන්ගේ උපරිමයෙන්ම බුදු දහම මෙලොවින් තුරන් කරන්නට උත්සාහ ගත්තා.  එවන් කාලයක තමයි සුමංගල හිමියන් පැවිදි බිමට ඇතුළු වුනේ.

ඒ කාලයේ ප්‍රසිද්ධව සිටි තොටගමුවේ විජයබා පිරිවෙනේ අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් විශාල දැනුමක් ලබා පස්සේ කාලයේදී එවකට ශඩ්භාෂා පරමේෂ්වරව සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් සමග සම තත්වයේලා සැලකිය හැකි වන ආකාරයට පොතපතේ දැනුමෙන් අගතැන්පත් වුනා.  මහනුවර යුගයේදී වැලිවිට සරණංකර හිමියන්ගේ ධර්ම ශ්‍රාස්ත්‍රයටත් විශාල ආලෝකයක් ලබා දීමට කටයුතු කලා.

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය නිම වන්නේ උපසම්පදාව ලබාගත් පසුයි.  සුමංගල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ධර්ම ඥානය පරීක්ෂා කිරීමට එකල මහනුවර උපෝසථාගාරයේදී පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  මහනුවර නායක ස්වාමීන් වහන්සේලාද එයට එක් විය.  ඒ අවස්ථාවේ සුමංගල සාමනේරයන් වහන්සේ විසින් දළදා වන්දනා ගාථා කිහිපයක් රචනා කරන ලදී.  ඒ දුටු සංඝ සභාව පුදුම වී එය නම් සුමංගල හාමුදුරුවන්ගේ නිර්මාණයක් වන්නට බැහැයි කතා වූහ.  නමුත් එවේලේම පුස්කොල පොත් හා පන්හිදක් ගෙන්වාගත් උන් වහන්සේ ඒ මොහොතේම පාලි ගාථා කිහිපයක්ද රචනා කලහ. මහත් විශ්මයට පත් මහා සංඝරත්නය  උන්වහන්සේට පිරිත් කියා සෙත් පැතුහ.  පිරිවෙන් අධ්‍යාපනයේ අවසාන භාගය වන විට උන්වහන්සේ ගැන නොදන්නා අයෙක් රට පුරා නැති තරම් විය.

සතර අත පැතිර ගිය උන්වහන්සේගේ කීර්ති නාමය කොළඹ සිටි ධනවත් අය අතරත් රැව් පිළිරැව් දෙන්නට විය.  එහිදී දොන් කරෝලිස් හේවාවිතාරන, ඈපා අප්පුහාමි, දොන් පිලිප්පු සිල්වා ඇතුළු ධනවතුන් 13න් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුල්වී විද්‍යෝදය පිරිවෙන පටන් ගන්නැයි උන්වහන්සේට ආරාධනා කලහ. ඔවුන් ඒ සදහා මරදාන ප්‍රෙද්ශයෙන් ඉඩමක්ද මිලට ගෙන දුන්හ. 

පස්සෙ කාලෙක ලංකා ඉතිහාසයේ මහත් පෙරළියකට හේතුවූ විද්‍යෝදය විද්‍යා පීඨය ඒ අන්දමින් 1873 වසරේ දී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය. එසේම එමගින් ථේරවාදී බුදු දහම නැවතත් නගා සිටුවන්නට උන්වහන්සේ සමත්වුනා.

1873 දී පානදුරා වාදයේ මූලිකත්වය ගෙන ක්‍රියාකලේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වුවත්, වේදිකාවේ පිටුපස සිට උන්වහන්සේට අවශ්‍ය සියලුම තර්කානුකූල අදහස් සකස් කර දුන්නේ සුමංගල හිමියන්ය.  1864 බද්දේගම වාදය, 1866 උදම්විට වාදය, 1871 ගම්පොළ වාදය, හා 1899 ඔරුගොඩවත්ත වාදය, වැනි වාද වලදීත් බෞද්ධයන් කුලුගැන්වූ මහා යතිවරයාණෝ සුමංගල මාහිමියන්ය.

නොපසුබස්නා උත්සාහය හා අවස්ථාවට උචිත ලෙස කටයුතු කිරීම උන්වහන්සේගේ තිබූ මහගු ගුණයන්ය.  ඒ කාලයේ පැවති කතෝලික බෞද්ධ ගැටුමකදී බෞද්ධයන් පවත්වන්නට සිටි පෙරහැර එකල රජය විසින් නවත්වන්නට අණ කිරීම නිසා උන්වහන්සේ ගත් ක්‍රියා පිළිවෙතින් උන්වහන්සේගේ උත්සාහය, වීර්යය පිලිබදව මොනවට පැහැදිලි වෙයි.  උන්වහන්සේ රජයෙන් අවසර ඉල්ලා සිටි විට එයට අවසර නොලැබුනු අවස්ථාවේදී “කමක් නැහැ ඒක උඹලම තියාගනිල්ලා. මම කොහොම හරි පෙරහැර පවත්වනවා.  උඹලට පුළුවන් දෙයක් කරපල්ලා කියා පෙරහැර සංවිධානය කළහ. 

මෙය අසාගෙන සිටි අශ්වයෙක් පිටේ නැගුන පොලිස් නිලධාරියෙක් අවසර පතක් උන්වහන්සේට පිරිනැමුවා.  නමුත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවා.

“ඒ අවසර පත ආපහු ගෙනියන්න.  මේ රටේ මේ අපේ සිංහල රටේ, මේ අපේ බෞද්ධ රටේ අපේ ආගමික කටයුත්තක් කරගන්න පොලීසියට ගිහින් අවසර ඉල්ලන්නත් සිද්ධ වෙලා.  මම මගේ බෞද්ධයන් ලවා පෙරහැර කරවනවා....(ශ්‍රී සුමංගල චරිතය)

උන්වහන්සේගේ චරිතය දෙස බලනකොට මෙවන් සිදුවීම් තවත් ගණනාවක්ම වාර්තාවේ.  එක්තරා අවස්ථාවෙක කොළඹ කොටුවෙන් පිටත්වූ දුම්රියකට ගොඩවූයේ භික්ෂූන් වහන්සේ නමකි.  එවකට පළමු පන්තියේ මැදිරි තුල බොහෝ දුරට ගමන් ගත්තේ සුදු ජාතිකයන්ය.  භික්ෂූන් වහන්සේ දුම්රිය මැරිදිරියට ගොඩවනවිටත් සුදු ජාතිකයන් දෙදෙනෙක් අසුන් ගෙන සිටියහ.  භික්ෂූන් වහන්සේ දැකීමෙන් කෝපයට පත්වූ ඔවුන් දෙදෙනා ඉංග්‍රීසි බසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ගමන් කලහ.  භික්ෂූන් වහන්සේද මේ කිසිවක් නොදත්තාක් මෙන් ගමන් කලහ.  කෙසේ හෝ මේ දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේ නතර කරන ලදී.  එවේලේ නුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්ද එතැන නතර විය.  ගල් අගුරු හා ජලය පුරවා ගැනීම සදහායි අනෙක් දුම්රිය එම ස්ථානයේ නතර කරන ලද්දේ.  එවකට අප රටේ ආණ්ඩුකාරවරයාද එම දුම්රියෙන් කොළඹ බලා ගමන් ගත්තේය.  ඔහු සිටි දුම්රිය මැදිරිය මේ භික්ෂූන් වහන්සේගේ දුම්රිය මැදිරියට සමාන්තරව විය.  භික්ෂූන් වහන්සේ දුටු ආණ්ඩුකාරවරයා දුම්රිය ගමන මදකට පමා කරන්නැයි කියා උන්වහන්සේ වෙත පැමිණ වැද නමස්කාර කොට බොහෝ වේලාවක් සාකච්ඡා කරන ලදී.  පසුව නැවතත් වැද යන්නට ගියේය. 

මෙතෙක් වේලා භික්ෂූන් වහන්සේට බැන වදිමින් සිටි සුද්දෝ දෙදෙන භික්ෂූන් වහන්සේගේ චතුර භාෂා හැකියාව දැක වික්ෂිප්තව “ඔබ වහන්සේ ඔතරම් හොදට භාෂාව දැනගෙනත් නොදන්නවා වාගේ සිටියේ මන්දැයි ඇසීය. 

“නුඹලා එංගලන්තෙන් ගෙනත් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව විතරයි, එහේ හොද සිරිත් විරිත් උඹලා ගාව නැහැ.  මට උඹලා දෙන්නව පේන්නේ නොදරුවන් වගෙයි.  උඹලාට වඩා උගත්කමිනුත් බලයෙනුත් වැඩි උදවියයි මම ආශ්‍රය කරන්නේ යයි කීහ.

ඒ කාලයේ පවත්වාගෙන ගිය පුවත්පත් වලට අමුතුම ආලෝකයක් ලබා දෙමින් උන්වහන්සේ රට, ජාතිය, ආගම ගැන ඇති කළ සිතුවිලි සිංහල ජාතියට අනූපමේය සේවයක් කරන්නට තරම් බලවත් වුනා.  1880 දී “සරසවි සදරැස හා ක්‍රි.ව. 1873 “සමය යන පුවත්පත හා සගරාවෙන් ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.“බ්‍රහ්ම ධර්මය, “මහා වංශයේ සිංහල පරිවර්තනය, සුබෝධිකා හා සිදත් සගරා සන්නය උන්වහන්සේගේ දැනුම පෙන්වන කැඩපතක් වැනියි.

1867දී උන්වහන්සේ ශ්‍රී පාදස්ථානයේ අධිපති පදවියට පත්විය.  එසේම සුමංගල හිමියෝ තෙලිතුඩ සුනන්දාරාමය, ගල්පොත්තේ විහාරය, හික්කඩුවේ තිලකරත්නාරාමය, හබරකඩ විහාරය යන ස්ථානයන්හි වැඩ වසමින් ඒ ඒ ජනතාවන්ට ධර්ම ඥානය ලබා දුන්හ.  1899 දී සුමංගල හිමියන්ට ත්‍රිපිටක වාගීෂ්වර යන උපාධිය පිරිනමන ලදී.  එසේම කොළඹ නව කෝරළයේ නායක පදවියටත් උන්වහන්සේ පත්විය.  එම පදවිය උන්වහන්සේට පිරිනමන ලද්දේ යුරෝපීය රටවල උගතුන්ගේ සංගමයක් විසිනි.

අවුරුදු 80කට නොඅඩු කාලයක් පරදෙස් රජයන්ගෙන් ලක්දිව මුදාගැනීම සදහා උන්වහන්සේ ගෙන ගිය සටන වීරෝදාර ක්‍රියාවලියකි.  මෙලෙස රටට ආගමික හා සමාජිය වශයෙන් විශාල සේවාවක් කල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ 1911 අප්‍රේල් මස 29 වන දින අපවත් විය.