සුවද කැකුළු

Tuesday, September 8, 2015

කරත්ත කවි




තණ්ඩලේ දෙන්න දෙපොළේ                              දක්කනවා
කටුකැලේ ගාලෙ නොලිහා වද                                 දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                                        දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල්                             යනවා

කළුගල් තළාලයි පාරට                                        දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                           ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                            අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                              නගින්නේ

ආරන්නේ පදුර වටකර දළු                                          ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                                    වෙන්ට
මෝරන්නේ හදේ කළුවර වැඩි                                   වන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක                                දෙවියන්ට

රෝද දෙකට තෙල් දාපිය                                     කැරකෙන්ට
ගොනාගේ අගට කොපු දාපිය                                  බබළන්ට
ගොනුගෙ කරට මිණි බැදපිය                                  නදදෙන්ට
කෝටුව අරන් එළවාපිය ගොනු                                    යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                      ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                    ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න                         ගොනා
අපොයි මගේ රන් මුතු වල්ලියා                            ගොනා

2 comments:

  1. If you're looking to lose fat then you certainly have to start using this brand new custom keto meal plan diet.

    To create this service, certified nutritionists, fitness trainers, and top chefs joined together to produce keto meal plans that are effective, painless, cost-efficient, and delicious.

    Since their first launch in 2019, 100's of clients have already remodeled their body and well-being with the benefits a proper keto meal plan diet can offer.

    Speaking of benefits: clicking this link, you'll discover eight scientifically-confirmed ones provided by the keto meal plan diet.

    ReplyDelete
  2. කවියේ අර්ථය

    ReplyDelete