සුවද කැකුළු

Showing posts with label ප්‍රස්ථා පිරුළු. Show all posts
Showing posts with label ප්‍රස්ථා පිරුළු. Show all posts

Sunday, October 21, 2012

ප්‍රස්ථා පිරුළු 2


1       අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා
(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි)

2       අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි
(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු.  මලක් පිපුනොත් පුදුමයක්.  ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)

3       අටුවෙන් දුමට බැස්සා වගෙයි
(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි.  අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා.  විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.)

4       අඩන්න ඕනැලු කිරි එරෙන්න
(පැටියා අඩන විට මවට කිරි එරෙනවා.  ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ)

5       අඩු කලෙයි සෙලවෙන්නේ
(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත.  ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි.  උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)

6       අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා
(ඕනෑම දෙයකට නියම ක්‍රමයක් තිබියදී අයථා ක්‍රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)

7       ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි
(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)

8       ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි
(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි)

9       ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි
(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි)

10    ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි
(ඉදිකටු තුඩ ඉතා සියුම්ය.  එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක.  එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.)

Monday, October 15, 2012

ප්‍රස්ථා පිරුළු


මට නිකමට වගේ හිතුනා අද ප්‍රස්ථා පිරුළු ටිකක් දැම්මොත් හොදයි කියලා.  බලන්න මේවා අහලා තියෙන දන්න ඒවද කියලා?

1  අගේ ඉදන් කන කනවා වගෙයි
2  අට වම්බොටු නව සුංගම් අයකරා වාගෙයි
    (වම්බොටු අටකට නවයක් බදු අයකරා කියන එකයි)
3  අත්තටු කපා පියඹන්ට කිවුවා වගෙයි
4  අත හයිය නම් බත වරදීද
5  අතර මගදී අත්වැල කැඩුනා වාගෙයි
6  අතිරසත් තිත්ත වෙනවාලු
7  අත දීලා දත නියවන්න එපා
8  ඉරටු දුන්නෙනුත් ඇස් කණ වෙනවාලු
    (ඉතා සුළු ආබාධයකින් වුනත් විශාල අනතුරක් සිදුවන බවයි)
9  ඉස අතගා ඇහැ උලුප්පනවා වාගෙයි
    (හිතවත් බවක් පෙන්වා විපතක් කිරීම)
10 ඉසේ කුණු තබාගෙන ඉස්සා මම සුදනයි කියනවාලු
11 ඉබ්බෝ කවදද ගස් ගියේ
12 ආප්ප පනමට ඉඩම දුන්නා වාගෙයි
     (වටිනා දෙයක් ඉතා අඩු මුදලකට විකුණූ විට මෙසේ කියවේ)
13 ඇගිලි පහම එකවගේද?
14 ඇගෙන් ඇටයක් ගියා වගෙයි
15 ඇග ගලවා ගන්නවා
     (යම් වගකීමකින් ඇග බේරා ගන්නවා)
16 ආරේ ගති නෑරේ
17 ඉවසීමෙන් සැනසීම ලැබේ
18 උගුර ඉදිකටුව, බඩ අම්බලම
    (ඉක්මනට කන්නත් බැහැ.  හුගක් කන්නත් ඕනෑ)
19 ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවාලු
     (අසාධාරණ ලෙස පළමුව දිනන වස්තුව ඉක්මනින්ම වැනසෙනවාලු)
20 ඌ කල දේ ඌ ගෙනයයි. තෝ කල දේ තෝ ගෙනයයි
21 උපාසක කමත් හැම විටම හොද නැතිලු.
22 උරුලෑවා ගිය පාර වගෙයි
23 ඌරන් ඉදිරියේ මුතු නොදමනු
     (අගය නොදත් කෙනෙකු ඉදිරියේ කිසිදෙයක් නොකල යුතුය)
24 කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
25 කාගෙත් ඇහැ ඇරෙන්නේ වුනාට පස්සෙයි
26 කාලකණ්නියා යන යන තැන ගල් වරුසාවල්
27 කාපු බතේ පැහැරුවා වගෙයි
28 ගොළුවා දුටු හීනය වගෙයි
29 කොට බල්ලාගේ හාදකම වගෙයි
     (බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි.  එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක)
30 ගොයම් කුඹුරට හරක් ගන්නේ කවුද?
     (තමන්ගේ ව්‍යාපාරයට සොරුන් සම්බන්ධ කර නොගන්නා බවයි)

Tuesday, October 25, 2011

අබරා සිල් ගත්තා වගෙයි

ඔන්න දුවේ පුතේ, ඉස්සර කාලේ අබරා කියලා
මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
  ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා. 
ඒත් එයා කලින් සිල් අරන් නොතිබුන නිසා ඒ ගැන මොනවත්
දැනගෙන හිටියේ නැහැ.  ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ 
තමනුත් කියන්න ඕනෙ...අබරාගේ
හාමිනේ කිවුවා.

ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා.  අබරා සුදු රෙද්දක් හැදගෙන සුදු 
සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා.  හැබැයි හාමුදුරුවන්ට
වැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ “ආවේ මොකටදැයි..
අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිටවුනේ මොනවද දන්නවද?
“ආවේ මොකටද? කියලා.  ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
“මොකද? උඹට පිස්සුද? එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
“ගනු කඹයක් මූ බැදලා දාන්න.... කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා. ඉන්පස්සේ අබරාත්
 කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ
පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එලවා දැම්මා.  වරක් හිස අත ගාමිනුත්, තවත් වරක්
පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවස දෙසට එන තම ස්වාමියා
දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා.  “ඇයි බාන් බොලා හැමදාම කොහොම
සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුනා
සිල් ගැනිල්ලත් මහාම මහා බයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා
කිවුවා.  ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක
මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවන කම
ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ
තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කලා.

ටිකක් දවස් යනකොට මේ කතාව ගම
පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ
යෙහෙලියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසා
ඉන්ට බැරි වුනත් තම සැමියාගේ අනුවණ කම ගැන සිතා
ඔහුට අනුකම්පා කලා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන්
ගැන ඇය බොහෝම කල කිරුනා. එතැන් පටන්
ඇය සිල්සමාදන්වීමට යන ගමනත් නතර
කලා.තමන්ට
නුහුරු නුපුරුදු දෙයක්
කරන්න ගිහින් අමාරුවේ
වැටෙන අය දැක්කම මේ පිරුළ
අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.