සුවද කැකුළු

Showing posts with label ළමා ගී. Show all posts
Showing posts with label ළමා ගී. Show all posts

Friday, April 6, 2012

අවුරුදු දා



 
නැගිටින්නකො මල්ලි මගේ
ඔය ඇති නිදියාගත්තා
කුකුල් කපුටු ගිරා නාද 
නැද්ද ඇසෙන්නේ

උදේ අවුරුදු දා
කම්මැලියෙකු සේ නොනිදා
එන්නකො යන්නට බලන්න
අවුරුදු සිරියා

කැවුම් කොකිස් කිරිබත් කා
අළුත් ඇදුම් ඇදගෙන අපි
ඔංචිලි පදිමු.......

Saturday, September 24, 2011

පේලි පේලි....

පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
පේලි පේලි පේලි සැදී නැට්ටුවෝ එනවා...//
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා....

සුදු පිරුවට ලෙද ළමාසාරි ඇද....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනයනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා
පේලි පේලි.....

සේසත් අරගෙන තෙල්මල් ඉසගෙන...//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනියනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
පේලි පේලි......//

Saturday, September 17, 2011

මලක් නෙලා ගෙනැවිත්

මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි
මේ මල මම නෙලාගත්තෙ මගේ මල් වත්තෙන්

නොදැනෙන නොහැගෙන හින්දයි මේ විමසන්නේ
ඉතිං තවම ඇයි එබ මා දැක හිනැහෙන්නේ
ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ

සමාවෙන්න හිමියනි බොරු නොකියමි සිතකින්
නෙලාගත්තේ මේ මල නංගිගේ මල් වත්තෙන්
අමුතු හිනාවකි හිමි ඔබ මා දෙස හෙලුවේ
මා ගැන හොද හැටි දන්නා බවකි කියන්නේ

දරුවන් වෙත දෙනෙත් හෙලා ඔබ වැඩ ඉන්නේ
හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ

Tuesday, September 6, 2011

චූටි කුරුල්ලනි...

චූටි කුරුල්ලනි චූටි බටිත්තනි
පියාසලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතිං අර 
ලස්සන ආකාසේ
කන්ද උඩින් අර
ලස්සන හිරු නැග 
ලොවම අවදි කරනා
කුරුළු හඩින් මුළු ලොවම අවදි කර
දවස උදා වෙනවා......

චූටි කුරුල්ලනි.......
කීචි බීචි ගා චූටි කුරුල්ලෝ
චූටි ගීත ගයතෙයි
ගීත ගයාලා චූටි කුරුල්ලෝ
වන්නමකුත් නටතෙයි
ගීත ගයාලා වන්නම් නටලා
ලොවම අවදි කරතෙයි
චූටි බබාලා ඒවා බලාලා
සතුටු සිතින් නැලවෙයි
චූටි කුරුල්ලනි......

ගායනය . ප්‍රියංගා වීරසේකර

Friday, September 2, 2011

සාධු...සාධු....සාධු....!!!

පුංචි ළමුන් එකතු වෙලා
දාගැබ සදලා......
බෝ පැලයක් සිටුවාලා
බුදු රුව තනලා......
සාධු කියාලා වදින්න
වෙහෙරක් 
සැදුවා.........//

පොඩි තාරා


මගෙ පොඩි තාරා
පී පී ගෑවා
හොට රතු පාටයි
ඇග සුදු පාටයි
අර අර පේනා
සීතල පොකුණේ
අත්තටු සලලා
පීන පීන නෑවා

Wednesday, August 31, 2011

බලු රාලේ........

පුංචි බලු රාළේ
මා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරල පෙරලා
මිදුලේ හිටියේ......

කඩිසර කූඹි

බිත්තියෙ කළු ඉරක් ඇදලා
බැලුවා
ඒ කවුද කියලා
ඉරක් නොවෙයි
කූඹි රැලක්
ගමනක් යනවා.......//
කඩිසර ගමනින් යන්නට
පේලිය
නොකඩා යන්නට.....
කූඹින් නෑ
කවදාවත්
රංඩු කරන්නේ.......//
මගේ පුංචි දෝණිගෙන් ඉගෙනගත්ත පුංචි ගීයක්

Tuesday, August 30, 2011

පුංචි කිරිල්ලකි......

අත්තෙන් අත්තට පනින කුරුල්ලා
අල්ලා ගන්නට හනික වරෙල්ලා
කිචි බිචි ගාමින් 
පියඹා යනවා....
හවස කැදැල්ලට පෙරළා එනවා

අන්න බලන් සකි
පුංචි කිරිල්ලකි
ඇත්තෙන් ඈ හරි ලස්සන කෙල්ලකි

කිලිටි වෙතැයි කියලයි කනගාටු
කවුද කුරුල්ලට 
දුන්නෙ පිහාටු......//



මේ ගීතය මම හෝඩියේ පංතියේදී ඉගෙන ගත්ත එකක් 

කූඹි පොඩිත්තා

එක දවසක් දා - කූඹි පොඩිත්තා
කොස් කොළ ඇද උඩ 
දොයියා ගත්තා
අහස කළු උණා
වහින්න ගත්තා
කූඹි පොඩිත්තා 
අඩන්න ගත්තා

අම්මට ඇහුණා - දුවගෙන ආවා
කූඹි පොඩිත්තා - තුරුලට ගත්තා
තාත්තා ආවා
මොකදැයි ඇහුවා
කූඹි පොඩිත්තා නලවා ගත්තා......

Thursday, August 25, 2011

දැන් නිවාඩු කාලේ

දැන් නිවාඩු කාලේ හිංදා
නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න
සෙල්ලම් කාලේ.......//

මං පළවෙනි ආව කියලා
අම්මට සන්තෝස හිතිලා...//
දෙනවා කිව්වා තෑගි ගෙනැල්ලා

තාත්තා මට ආදරේලු
ආච්චි මට හාදු දේලු
නැන්ච දේවි ඇදුම් මසාලා
හායි....හායි.....

දැන් නිවාඩු.........

කෝච්චියෙන් ගමට යනවා
කිරියි පැණියි කාල එනවා
පදින්න පුඵවනි ඔංචිල්ලා
අක්කලා නංගිලා එක්කලා
කජු කඩලා අරන් කෙක්ක
නානව ගගේ ගිලීලා
හායි......හායි.........

අකුරු මැකී නෑ


අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොද වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්.....//

මේ ඊරි බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමනී හිනැහේවී

අකුරු මැකී නෑ ........
අපි දුවමූ - අපි පනිමු
ගී කියමු - අපි නටමූ
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාල වියට පා තබමූ
අකුරු මැකී නෑ........



ගායනය : එඩ්වඩ් ජයකොඩි