සුවද කැකුළු

Showing posts with label විවිධ දේ ගැන. Show all posts
Showing posts with label විවිධ දේ ගැන. Show all posts

Wednesday, September 2, 2015

සර්පයෙක් දෂ්ට කිරීමකදී




සර්පයෙක් දෂ්ට කලවිට නොකළ යුතු දේ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැහැ නේද? දන්න අයත් ඇති. කමක් නැහැ. අපි තව ටිකක් මේවා මතක් කර ගනිමු.

සර්පයෙක් දෂ්ට කල විට ඇස්ප්‍රින් දීම හොද නැහැ.
ඒ වගේම දෂ්ට කළ මුඛය කැපීමත් නොකළ යුතුයි.
තවත් කරුණක් තමයි පිළිස්සීම නොකළ යුතුයි.
එසේම රෝගියා නිකරුනේ වෙහෙසට පත් කිරීමත් හොද දෙයක් නොවෙයි.
එසේම ඇතැම් අය වේදනාව නැති වෙන්න කියලා මද්‍යසාර වැනි දේ බීමට දෙනවා එයත් නොකළ යුත්තක්.
තවත් මා අසා ඇති කරුණක් තමයි එළකිරි පානයට දීම නොසුදුසුයි කියලා. 


එසේම සර්පයෙක් දෂ්ට කළ විට දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා ඒවා මොනවාද කියලා සැලකිලිමත් වීම වැදගත්.

·         ක්ලාන්තයක් ඇති වීම
·         ඇස් අඩවන් වීම
·         අධිකව බඩේ වේදනාවක් ඇති වීම
·         දිව එළියට දැමීමට අපහසු වීම
·         තුවාලය අවට දැවිල්ලක් ඇති වීම
·         කතා කිරීම අපහසු බවක් දැනීම
·         තුවාලය අවට අධික වේදනාවක් ඇති වීම
·         හෘද ස්පන්දනය අක්‍රමවත් වීම

ඔන්න මේ කාරණාවන් කෙරෙහි සැලකිලිමත් වෙන්න.  ඔබටත් මෙවැනි අයෙකු දක්නට ලැබෙන්න පුළුවන්.

තේ ගැන තේ වගේම රසවත් තොරතුරු ටිකක්




ලෝකයේ තියෙන තේ වර්ග ගැන බොහෝම රසබර තොරතුරු තියෙනවා.  ඒවා තේ වගේම රසවත්.  දැනට ලෝකයේ තේ වර්ග 3000කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ.
තේ පානය නිසා දත් දිරායාම වැලකෙන බවක් කියවෙනවා.  ඒ වගේම මුඛයෙන් ඉමිහිරි සුවදක් වහනය වන බවත් පැවසෙනවා.
ටොෆි බිස්කට් චොකලට් වගේ විවිධ කෑම වර්ග නිෂ්පාදනය කරන්නත් තේ යොදාගන්නවාලු.

ශ්‍රී ලංකාව ඉන්දියාව ජපානය චීනය  රුසියාව පාකිස්තානය ඉන්දුනීසියාව තේ නිෂ්පාදනයේ පුරෝගාමීන් ලෙස සලකනු ලබනවා.
තේ වලින් නිපදවන බොහෝ දේ බටහිර රටවල්වල දකින්නට ලැබෙනවා.  මේස් හා යට ඇදුම් ක්‍රීඩා භාණ්ඩ ටී ෂර්ට් වගේ දේවල් නිෂ්පාදනයේදී බැක්ටීරියා නාශකයක් ලෙස තේ යොදා ගන්නා බව කියැවෙනවා.

ඒ වගේම තමයි තේ අඩංගු චුයිංගම් හා චොකලට් වලට ජපානයේ විශාල ඉල්ලුමක් තියෙනවාලු.  ටී බෑග් ලෙස හැදින්වෙන කුඩා තේ බෑගය පළමු වරට හදුන්වා දුන්නේ ඇමරිකානු ජාතික තොමස් සුලීවන් විසින්.  ක්ෂණික තේ මුල් වරට නිපදවන ලද්දේ 1940 වර්ෂයේදීයි.

(මේ කරුණු සියල්ල පොත පතින් උපුටා ගත් ඒවා)