සුවද කැකුළු

Showing posts with label වදන් කවි පොත. Show all posts
Showing posts with label වදන් කවි පොත. Show all posts

Wednesday, October 17, 2012

පමා නොවී එමි අකුරට....!!!!



තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ       නා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙ         නා
කොප වුවත් රජ මැතිදුන් ගත නොහෙ         නා
උගත මනා සිල්පය මයි මතු රැකෙ              නා

අල්ලට සිගා වත් රස නැති කැවිලි ක           කා
වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් ත    කා
කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් ව     කා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත         කා

කසේ සැමිටි වේවැල් කොටු ගෙන අ           තේ
ඇසේ කදුළු අකුරට ගිය කලට ග                තේ
බසේ මියුරු තෙපලති දෙ ගුරු සවන           තේ
දසේ පසේ ගෙඩි දෙති පිටට එක ර              තේ

වේවැල් කොටු නාරන් සියඹලා අ               තූ
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අ          තු
මෙ හැම ඉපල් මගේ දෑසට නොපෑ යු          තු
පමා නො වී එමි අකුරට මෙයින් ම              තු

පොල් ඉරටේ අත තද කර ගති                   ම්මා
ඉන් ඔළමොළ කමකට සිත නොය             ම්මා
දැන් නිසලව ඉද අකුරුත් කිය                    ම්මා
ඉන් අප දග ගේක ලූ දෑය අ                       ම්මා

අම්මොයි කියා ගෑ සියොලග තෙල් රුව      
යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙ       
බම්මොයි කියා බස් තෙපලති විටින් වි        
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැ       

රුප්පා වල ඉද කෙළිනා දවස් දැ                 ඩී
තැප්පා සේම ගිනි උසුලද්ද මැඩි මැ             ඩි
අප්පා උකුල ඉද තෙපලන බස් ම දැ            ඩි
අප්පා බලා උන්නත් වලකී ද ගෙ                ඩි



මෙම කවි පෙළ උපදේශාත්මක කවි පෙලක් වන අතර වදන් කවි පොතින් උපුටා ගත්තකි.  මෙහි ඉගෙනීමේ වටිනාකම දක්වා ඇත්තේ සිසුවෙකුගේ මුවින් පිටවන අදෝනාවක ස්වරූපයෙනි.  ශිල්පය හැදෑරීමේ ඇති වැදගත්කම, එය කිසිවෙකුටත් පැහැර ගැනීමක් නොකල හැකි බවත් මෙයින් පැහැදිලි කරදෙයි.  ඒ වගේම ශිල්පය ඉගෙන ගන්නට විදිනා දුක් ගැහැට පිළිබදවත් මනාව පෙන්නුම් කරදෙයි.  කර්කශ අහර බුදිමින්, වැරහැලි අදිමින් ඉතා දුකසේ ඉගෙන ගන්නා බව කවියා කියයි.

අනෙක් කාරණය නම් අද මෙන් එකල ගුරුන් දඩුවම් කල විට උද්ඝෝෂන කිරීමේ සිරිතක් තිබුනේම නැත.  එසේම ඒ ගුරුවරුන් දෙන දඩුවම් වල දැඩි බවත් එයින් සිසුවා හෝ දෙමාපියන් කෝප නොගන්නා බවත් මේ කවි පෙලෙන් පෙන්වා දී ඇත.  “අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට, අප්පා බලා උන්නත් වලකී ද ගෙඩි, දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ, ඉන් අප දග ගේක ලූ දෑය අපේ අම්මා යන පද ඊට උදාහරන වේ.  මේ වෙලාවට තමයි සිහියට නැගෙන්නේ නොතලා හදන දරුවාත් හැදි නොගා හදන කිරි හොද්දත් දෙකම එක වගෙයි කියන පැරණි කියමන.  මෙසේ දඩුවම් විදිමින් වුවද ඉගෙනුම ලැබු දරුවනට ඉන් වරදක් නොවූ බවද පිළිගත යුතු සත්‍යයකි.  දරුවා ද තමන්ගේ වැරදි තේරම් ගනී.  වේවැල් කෝටු නාරං සියඹලා අතු..... යන කවියෙන් එය ගම්‍යවේ.