සුවද කැකුළු

Showing posts with label ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහ (කවි). Show all posts
Showing posts with label ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහ (කවි). Show all posts

Friday, June 29, 2012

නිදි කුමරිය












ඈත එපිට දිගු       මඩලේ
මහ කදු වැටියක  අසලේ
                           ගිරි කුළු    හෙවණේ

නිහඩ පිටියෙ       වනන්තරේ
මහ කළුවර ගස්          අතරේ
                            ඉදුනිල්         තලයේ

සීතල උල්පත       නැගුනා
සැනසිලි විල එහි  මැවුනා
                             රැළි නැග   වතුරේ

ඒ විල මැද නිසොල්මනේ
මානෙල් මලකුයි  හැදුනේ
                            හිමිහිට      පිපුණා



ඒ මලේ රොන් කැට ගැසුනා
රස නිදි කුමරිය        මැවුනා
                             හැඩ නිල පෙනුණා

මානිල් මල හැකි     ගියා
ඇය ඉවතට ඇදී      ගියා
                              අහසට    නැගුනා


නිල් මිණි ගිරි කුළට   උඩින්
පාවෙන කළු වලා     කඩින්
                              පැනගෙන   ආවා

නිදි කුමරිය    සුරත    නගා
ඇසටද පිඹ    හිස     අතගා
                             දෙයි  සුබ  සලසා

ගිරවා දැක මල්      ඉත්තේ
පිම්බම ඌ    නිදි    ගත්තේ
                              රෑ සද    එළියේ

ගුල මත්තේ පිල්      පුම්බා
සිටි මොනරෙකු හට පිම්බා
                              නින්දක් දුන්නා

බළලා ලැග   එළි    පත්තේ
නින්දක් ඉල්ලා       ගත්තේ
                             පුරු පුරු    ගාලා

නිදි කුමරිය තව   පිම්බා
තෝර පදුරු    නිදිකුම්බා
                           හොදටම    නින්දේ

නිදි කුමරිගේ සළුව   වැදී
යන විට ගහ කොළද  නිදී
                            සුළගින් මිදිලා


බොළද සිගිති   බබා     සිඹී
නිදි යන තුරු හෙමින්   පිඹී
                              අඩන්නට නොදී....




ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කවි පංතියකි.