Friday, September 2, 2011
Wednesday, August 31, 2011
නපුරු කම නිසා

එකමත් එක කාලෙක බොහෝම කරුණාවන්ත ගොවියෙක් වාසය කලා. මේ
ගොවියා බොහෝම දුප්පත් කෙනෙක්. ඔන්න දවසක් දා එයා එයාගේ
හේනට ගිය වෙලාවේ දැක්කා තටුවක් කැඩුනු කුරුල්ලෙක් වැටිලා
ඉන්නවා. ඉතින් ඔහු මේ කුරුල්ලාව අරගෙන එයාගේ ගෙදර ගියා. බෙහෙත්
කරලා කුරුල්ලව හොදින් බලා ගත්තා. ගොවියා කුරුල්ලාව සුවපත් කලා. පසුව මේ ගොවියා
කුරුල්ලාව නිදහස් කොට හැරියා.
කුරුල්ලා ඉගිලී යනවිට ගොවියාගේ හේනට කැකිරි ඇටයක් දැම්මා.
මේ කැකිරි ඇටය පැලවුණා. කැකිරි වැලේ විශාල ගෙඩියක් ඵල ගත්තා.
ගොවිරාළ මේ කැකිරි ගෙඩිය ගෙදර ගෙනගොස් කපා බැලුවා. මෙන්න මහාම මහා පුදුමයක්.......!!!!!!!
ඒ කැකිරි ගෙඩිය ඇතුලේ ඇට වෙනුවට තිබුණේ වටිනා මැණික්.
දුප්පත් නමුත් කරුණාවන්ත ගොවිරාළ මේ මැණික් විකුණා රටේ ලොකුම පොහොසත් කෙනා බවට පත්වුණා.
ඉතින් මේ කතාව රටේ හිටපු නපුරු ගොවියෙකුට ආරංචි වුණා.
එක දවසක් අර කුරුල්ලා මේ නපුරු ගොවියාගේ හේනටත් ආවා.
නපුරු ගොවියා කුරුල්ලාට පහරදී උගේ තටුවක් කඩා දැම්මා.
ඊට පසු ගෙදර ගෙනිහින් බෙහෙත් දැම්මා. පසුව කුරුල්ලාව
නිදහස් කර යැවුවා.
කුරුල්ලා ඉගිලී යනවිට නපුරු ගොවියාගේ හේනටත් කැකිරි
ඇටයක් දාන්නට අමතක කලේ නැහැ.
එයත් පැළවුණා.
විශාල ගෙඩියක් ඵල ගත්තා.
ඉතින් මේ නපුරු ගොවියාට හරිම සතුටුයි. ඔහු ඒ කැකිරි
ගෙඩිය ගෙදර ගෙනිහින් කපා බැලුවා.
දෙයියනේ.........!!!!!
ගෙඩියේ ඇට වෙනුවට හිටියේ මොක්කුද දන්නවද????
කළු දෙබරු.......
උන් නපුරු ගොවියාට පන්න පන්නා
අනින්නට වුණා. පසුව ඔහු දෙබර විසෙන්ම
මිය ගියා.
පේනවා නේද නපුරු කමට වෙන දේ.....!!!!!!
Subscribe to:
Posts (Atom)
