සුවද කැකුළු

Monday, April 23, 2012

හොද පොඩි ළමයි

පාන්දරින් නැගිටලා
හීන් හුළගේ ඇවිදලා
යාන්තමට වෙහෙසිලා 
මූණ හෝදමු

කෑම ඉවර කර හෙමින්
හොද ඇදුමින් සැරසෙමින්
පොත් ගෙන පාසැල් බලා
ඉක්මනින් යමු

මව්පියන්ට නැමදුමයි
ගුරුවරුන්ට සැලකුමයි
දක්වති හොද පොඩි ළමයි
ඉන් එක ළමයෙක් මමයි

තරහ වෙවී ගෙරවුමයි
අඩ දබරෙට දැගලුමයි
නොකරති හොද පොඩි ළමයි
ඉන් එක ළමයෙක් මමයි


එස් මහින්ද හිමි

No comments:

Post a Comment