සුවද කැකුළු

Monday, May 7, 2012


සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹති
අනිත් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑගසති

මගේ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නේ පිණි බිංදුත්
හදමු එකක් ඒ වාගේ
 
හද හාමි අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විදින්ට‍
දොරට යන්ට හොද වෙලාව
 
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපලම හැඩ ගැහිලා
 
ට්බෙට් ජාතික එස් මහින්ද හිමි

No comments:

Post a Comment