සුවද කැකුළු

Tuesday, April 10, 2012

අවුරුද්දට රබන් ගහමු

 
1.ඉහල ගෙදර තුන්  දෙනයි
   පහළ ගෙදර තුන්  දෙනයි
   අපේ ගෙදර තුන්  දෙනයි
   තුන්පළේම තුන්  දෙනයි

තක්කකුත් දික්ක        කුත්
දෙහි කඩන කෙක්ක  කුත්
ඊට මලු බොක්ක        කුත්
තක්කකුත් දික්ක        කුත්

වත්ත කතත්      කතත්තා
කුඹුර කතත්      කතත්තා
වත්ත කතත් කුඹුර කතත්
දෙකම කතත්    කතත්තා


2.  ඔන්න ඔන්න     මල්
    මෙන්න මෙන්න මල්
    දෙමට දෙමට     මල්
    සමන් පිච්ච       මල්

රන් තැඹිලි ගස්    දෙකයි
ගොන් තැඹිලි ගස් දෙකයි
ගස් දෙකට මල්   දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි


3.  තේක්ක ගහ යට 
     කවුද බොලං සකි
     තක්කිට තරිකිට තෙයි
    තෙතෙයි තෙයි
    තක්කිට තරිකිට තෙයි

   තාක්ක දොං දොං
   තාක්ක දොං දොං
   තේක්ක මල් පිපිලා
   අන්න බලන් සකි
   මෙන්න බලන් සකි
   පාරට මල් නැමිලා
   බලන් සකි 
   පාරට මල් නැමිලා

4.  එගොඩ ගොඩෙත් රත්තරන්
     මෙගොඩ ගොඩෙත් රත්තරන්
     එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
     ඇතෙක් බරට රත්තරන්

5.  දොන්ත බබක්කට 
     දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ
    තුට්ටු දෙකක් ඇත.

6.  උඩපල ගත්තත් වට්ටක්කා
     බිම පලගත්තත් වට්ටක්කා
     උඩ පල ගත්තත් බිම පල ගත්තත් 
     පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

7.  උඩින් උඩින් වර පෙත්තප්පු
     බිමින් බිමින් වර පෙත්තප්පු
     උඩින් උඩින් වර බිමින් බිමින් වර
     ජම්බු කන්න වර පෙත්තප්පු

8.  එරබුදු මල් පොට්ටු පොට්ටු
     අවුරුද්දත් කිට්ටු කිට්ටු

9.  රාං රූං කැත්ත ගෙනෙං
     පිලවක්කේ කැත්ත ගෙනෙං
     පිල වටකර කැත්ත ගෙනෙං
     රාං රූං කැත්ත ගෙනෙං
 

3 comments:

  1. බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. ඔය තියෙන්නේ රබන් පද සේරම,දෙන්නම් මේ පාර රබන් පැලෙන්නම !!
    ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා මල්මියෝ ......!!! :)

    ReplyDelete
  3. සයුරි/ සොදුරු සිතැති මිනිසා

    දෙදෙනාටම ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා, සියලු බලාපොරොත්තු ඉටු වේවා!!!

    ReplyDelete