සුවද කැකුළු

Friday, April 6, 2012

අවුරුදු දා



 
නැගිටින්නකො මල්ලි මගේ
ඔය ඇති නිදියාගත්තා
කුකුල් කපුටු ගිරා නාද 
නැද්ද ඇසෙන්නේ

උදේ අවුරුදු දා
කම්මැලියෙකු සේ නොනිදා
එන්නකො යන්නට බලන්න
අවුරුදු සිරියා

කැවුම් කොකිස් කිරිබත් කා
අළුත් ඇදුම් ඇදගෙන අපි
ඔංචිලි පදිමු.......

6 comments:

  1. අනේ ඉතින් අපිට කොයිද
    අවුරුද්දක සිරි බලන්න
    රටෙන් ඇත ඉන්න නිසා
    කවි බලලා සතුටු වෙන්නේ

    ReplyDelete
  2. ලස්සනයි නංගියා... මේක ඔයා නේද ලිවුවේ? ගොඩක් ලස්සනයි හොඳේ.... :)

    ReplyDelete
  3. රුකා...

    කොහේ හිටියත් අපි සිංහලනේ. ඒ බව අමතක නොකරන එකම ලොකු දෙයක් නෙවෙයිද? ඔයාටත් එක්ක මම අවුරුදු සමරන්නම්කෝ හොදේ...ස්තුතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  4. සොදුරු සිතැති මිනිසා

    මම අක්කෙක් වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් එක පටන්ගත්තේ පුංචි උන්ට. ඒත් එන්නේ වැඩිහිටියෝ. ඒකත් නරකම නැහැ බලාගෙන ගියාම. පුළුවන් වෙලාවට ඇවිත් යන්න හොදේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! (ඔයාටත් රුකාටත් දෙන්නාටම)

    ReplyDelete
  5. Lassana blog ekak.. meka apahu patan ganna. api link ekak daanam.
    ape blog ekata api meken godak dewal gaththa. original link ekath demma.
    me blog eke apahu patan ganna honde.....

    ReplyDelete
  6. විදුල ළමා ගුවන්විදුලිය

    ස්තුතියි දිරිමත් කලාට. ටිකක් වැඩ අධික වුන නිසා තමයි ලියන්න බැරි වුනේ. බ්ලොග් එක අත්හරින්නේ නැහැ. දිගටම ලියනවා. ඔයාලත් එන්න කියවන්න.

    ReplyDelete