අන්දරේ ගැන පුංචි ඔයාලට මම කලිනුත් කියලා තියෙනවානේ. අන්දරේ කියන්නේ රජ වාසල කවටයාටනේ. ඔන්න එක දවසක් රජතුමා තමන්ගේ ඇමතිවරුත් පිරිවරාගෙන ටිකක් විනෝද වෙන්නත් කියලා හිතාගෙන ඇවිදින්න ගියා. ඒ යන එන අතරතුරේදි තමන්ගේ රටවැසියන්ගේ සුව දුක් සොයා බලන්නත් රජතුමා අමතක කලේ නැහැ. මෙහෙම යන ගමන් බිමන් වලදි අන්දරේවත් එකතු කර ගන්න රජතුමා හැම වෙලාවෙම උනන්දු වුනා. මොකද දන්නවද අන්දරේ ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නේ නැහැනේ. හිනාවෙන් විහිලුවෙන්ම කාලය ගත වෙනවා තේරෙන්නෙ නැහැ .
ඔන්න එදාත් වෙනදා වගේම බොහෝම විනෝදයෙන් ගමන් කරන කොට රජතුමා දැක්කා තමන් ගමන් කරන පාර හරහා කුඩා සතෙක් යනවා. ඌ හරියට සර්පයෙක් වගේ. හැබැයි රජතුමා ඉක්මනින්ම මේ සතා කවුද කියල හදුනගත්තා. ඌ හරිම අහිංසක සතෙක්. මේ සතාව ඒ කාලේ කවුරුත් හැදින්වුයේ “මං බල්ලා... කියන නමින්.
සතාව දැක්ක රජතුමාට ඒ එක්කම ඔළුවට අදහසක් ආවා. රජතුමාට හිතනා අන්දරේට පුංචි විහිළුවක් කරන්න. රජතුමා ඇමතිවරු එක්ක හෙමිහිට සාකච්ජා කරලා මෙහෙම ඇහුවා.
“අන්දරේ කියමුකෝ බලන්න මේ සතා මොකාද කියලා.
“සතාව දුටු අන්දරේ මේ යන්නේ මං බල්ලා බව අදුන ගත්තා. ඒත් රජුට උවමනා කරන්නේ තමන්ගේ කටින් “මං බල්ලා කියන වචනය කියවා ගන්න බව අන්දරේ තේරුම් ගත්තා.
සතාව හොදින් පරික්ෂා කර බැලූ අන්දරේ
“දේවයන් වහන්ස, මේ සතාට අපි නම් කියන්නේ අහුරුකුක්කා කියලයි....කිව්වා.
එදා ඉදන් තමයි “මං බල්ලා.... කියන සතාට අහුරු කුක්කා කියන නම ලැබුනේ. හොදයි නේද අන්දරේ තැනට ඔබින විදියට තමන්ගේ නුවණ පාවිච්චි කල විදිය.
No comments:
Post a Comment