එකෝමත් එක ගමක හිටියා බොහෝම හොද ටිකක් වයසක සීයා කෙනෙක්. මේ සීයාට හොදට රූකඩ හදන්න පුළුවන්. එයාගේ ගෙදර හිටියේ එයා තනියම. ඉතින් මේ සීයා මුළු දවස තිස්සෙම කලේ රූකඩ හදන එක. එක එක විදියේ රූකඩ හදලා ඒවා තීන්ත ගාලා ලස්සනට පාට කලා. තමන්ගේ අතින් නිර්මාණය වුනු මේ රූකඩ දිහා බලලා සීයා බොහෝම සතුටු වුනා.
ඔන්න ඉතිං දවසක් සීයාගේ ගෙදර කාමරයක මුල්ලේ තිබිලා බොහොම අපූරු ලී කෑල්ලක් හම්බ වුනා. සීයා ඉතින් මේ ලී කෑල්ලෙන් බොහෝම අපූරු රූකඩ ළමයෙක් කැපුවා. සීයා මේ රූකඩ ළමයාට නිකමට වගේ පිනෝ කියෝ කියලා නමකුත් දැම්මා.
“අනේ ඉතිං මටත් මේ වාගේ පුතෙක් හිටියා නම් කොතරම් අපූරුද? සීයා අර රූකඩ ළමයා දිහා බලාගෙන හිතුවා. සීයා කියපු මේ කතාව පුංචි සුරංගනාවියෙක් හොරෙන් අහගෙන හිටියා. මේ පුංචි සුරංගනාවිට සීයා ගැන හරිම දුකයි. ඇයි ඉතිං සීයා තනියෙන්මනේ ඉන්නේ.
“මම මේ සීයට කොහොම හරි උදව් කරන්න ඕනේ. සුරංගනාවි සිතුවා. ඔන්න ඉතිං පහුවෙනිදාට එළිවුණා. සීයා වෙනදා වගේම උදේ නැගිට්ටා. එතකොටම සීයා බොහෝම පුදුමයට පත්වුනා. ඒ මොකද දන්නවද? අර සීයා කලින් දවසේ ලී කෑල්ලකින් හදපු රූකඩේ පිනෝ කියෝ.. එයා සීයගේ ඇද ලගට වෙලා හිනාවෙවී ඉන්නවා. ඉතිං කාටද පුදුම නොහිතෙන්නේ නේද?
“සීයේ මේ බලන්නකෝ මට කතාකරන්න, නටන්න, දුවන්න, පනින්න, ඕනෑ එකක් කරන්න පුළුවන්.....පිනෝ කියෝ කිවුවා. “මාව මේ විදියට ළමයෙක් කලාට සීයාට ගොඩාක් ස්තුතියි. පිනෝ කියෝ සීයාගේ අතේ එල්ලීගෙනම හරිම සතුටින් කෑගැහුවා. ඒ විතරක් යෑ. පිනෝකියෝ ළමයෙක් වුන එකට සීයාටත් හරිම සතුටුයි.
ඉතින් සීයා හිතුවා පිනෝ කියෝව ඉස්කෝලේ ඇරලා හොදට අකුරු සාස්තරේ උගන්නලා එහෙම හොද ළමයෙක් කරන්න.
ඔන්න ඉතිං දවසක් සීයාගේ ගෙදර කාමරයක මුල්ලේ තිබිලා බොහොම අපූරු ලී කෑල්ලක් හම්බ වුනා. සීයා ඉතින් මේ ලී කෑල්ලෙන් බොහෝම අපූරු රූකඩ ළමයෙක් කැපුවා. සීයා මේ රූකඩ ළමයාට නිකමට වගේ පිනෝ කියෝ කියලා නමකුත් දැම්මා.
“අනේ ඉතිං මටත් මේ වාගේ පුතෙක් හිටියා නම් කොතරම් අපූරුද? සීයා අර රූකඩ ළමයා දිහා බලාගෙන හිතුවා. සීයා කියපු මේ කතාව පුංචි සුරංගනාවියෙක් හොරෙන් අහගෙන හිටියා. මේ පුංචි සුරංගනාවිට සීයා ගැන හරිම දුකයි. ඇයි ඉතිං සීයා තනියෙන්මනේ ඉන්නේ.
“මම මේ සීයට කොහොම හරි උදව් කරන්න ඕනේ. සුරංගනාවි සිතුවා. ඔන්න ඉතිං පහුවෙනිදාට එළිවුණා. සීයා වෙනදා වගේම උදේ නැගිට්ටා. එතකොටම සීයා බොහෝම පුදුමයට පත්වුනා. ඒ මොකද දන්නවද? අර සීයා කලින් දවසේ ලී කෑල්ලකින් හදපු රූකඩේ පිනෝ කියෝ.. එයා සීයගේ ඇද ලගට වෙලා හිනාවෙවී ඉන්නවා. ඉතිං කාටද පුදුම නොහිතෙන්නේ නේද?
කොහොමද රූකඩ පැංචා මෙතැනට ආවේ? සීයා පුදුම වෙලා නැගිට්ටා.
ඉතින් සීයා හිතුවා පිනෝ කියෝව ඉස්කෝලේ ඇරලා හොදට අකුරු සාස්තරේ උගන්නලා එහෙම හොද ළමයෙක් කරන්න.
දැන් ඔන්න පිනෝ කියෝ ඉස්කෝලේ යනවා. එයා එයාගේ අලුත් ඉස්කෝලෙටයි යාළුවන්ටයි හරිම කැමතියි. සීයාත් හරිම ආසාවෙන් තමයි පිනෝ කියෝව ඉස්කෝලෙ ඇරියේ. ඔන්න ටික දවසක් යනකොට පිනෝ කියෝට අලුත් යාලුවෝ දෙන්නෙක් හම්බවුනා. හැබැයි ඒ දෙන්නා නම් හොද යාලුවෝ නෙමෙයි. බොහෝම නරක දග වැඩ කරන දෙන්නෙක්. “අපෝ හැමදාම ඉස්කෝලෙ ගිහින් වැඩක් නැහැ. එකපාරටම සල්ලි ගොඩක් හොයන්නයි ඕන. සල්ලි හොයන විදිය අපි නම් දන්නවා. ඔයත් එන්න අපිත් එක්ක යන්න. එයාලා පිනෝකියෝට අඩගැහුවා. “එකපාර සල්ලි ගොඩක් ලැබුනොතින් ඇත්තමයි, හොදයි තමයි. එහෙනම් තාත්තටයි මටයි කරදරයක් නැතිව හොදින් ඉන්න පුළුවන්... පිනෝ කියෝ එහෙම හිතලා යාළුවන් එක්ක යන්න කැමති වුනා. ඉතිං පිනෝකියෝව ළමයෙක් කරපු සුරංගනාවි මේ හැම දෙයක්ම බලාගෙනයි හිටියේ. තාත්තාට අකීකරු වුන නිසා එයාට හොදටම තරහා ගියා. මේ ළමයාගේ අකීකරු වැඩ වලට හොද පාඩමක් උගන්වන්න ඕනෑ. පුංචි සුරංගනාවි එහෙම හිතුවා. ඔන්න ඉතිං එතකොටම මොකද දන්නවද උනේ. පිනෝ කියෝගේ කන් දෙක ගොඩක් දික් වුනා. ඒ මදිවට නහයත් දික් වෙන්න පටන් ගත්තා. දෙයියනේ. මේන්න වලිගෙකුත් ඇවිල්ලා. “හා...හා...මෙන්න බූරු පැටියෙක් ඇවිල්ලෝ.....එයාගේ යාළුවෝ එයාට හිනාවෙන්න පටන් ගත්තා. දැන් පිනෝට හොදටම ලැජ්ජයි එත් ඉතිං මොනවා කියලා කරන්නද? අනිත් එක දැන් එයාට තනියම පාර හොයාගෙන ගෙදර යන්න දන්නෙත් නැහැ. ඔහොම දවස් ගානක්ම ගෙවිලා ගියා. එක දවසක් පිනෝ කියෝ එයාගේ යාළුවෝ එක්ක මුහුද දිගේම ඇවිදගෙන ගියා. ඒ වෙලාවේ එයා දැක්කා එයාගේ තාත්තා ඔරුවක නැගලා ඈත මුහුදේ යනවා. “අන්න මගේ තාත්තා....පිනෝ කියෝ කෑගහන්න ගත්තා. තාත්තාව දැක්කම එයාට පුදුම සතුටක් දැනුනේ. “තාත්තා යන්නේ ඔයාව හොයන්න වෙන්න ඕන...යාළුවෝ දෙන්නා කිවුවා. ඔන්න එතකොටම මහා විශාල තල්මසෙක් වතුරෙන් උඩට මතුවෙලා සැනෙකිල් බෝට්ටුව ගිල්ලා. “අයියෝ...අපොයි මගේ තාත්තා. මං යනවා තාත්තාව බේරගන්න. එහෙම කියපු පිනෝ කියෝ එකපාරටම වතුරට පැන්නා. ඒ වුනාට මොකද දන්නවද උනේ. අර විශාල තල්මහා පිනෝ කියෝවත් ගිල්ලා. “පිනෝ කියෝ ඉක්මනට මගේ අත අල්ලාගන්න...කවුදෝ කෑගහනවා ඇහුනා. දන්නවද? ඒ තමයි පිනෝකියෝගේ තාත්තා. “අනේ තාත්තේ දැන් අපි කොහොමද මෙතනින් බේරිලා යන්නේ. පිනෝ කියෝ තාත්තාගෙන් ඇහුවා. එතකොටම එයාට හොද අදහසක් ආවා. ඉතිං එයා එයාගේ දිග කන්දෙක එහාට මෙහාට කලා. “කවුදෝ මගේ බඩ කසනවා. තල්මහා හිතුවා. තල්මහා එහාට මෙහාට දැගලුවා. ඒ වෙලාවෙම තල්මහට ලොකු කිඹිහුමක් ගියා. තල්මහ කට ඇරියා විතරයි පිනෝ කියෝ තාත්තාවත් ඇදගෙන එලියට පැන්නා. තාත්තාව කරේ තියාගෙන පිනෝ කියෝ බොහෝම අමාරුවෙන් පීනුවා. දැන් ඉතිං අර පුංචි සුරංගනාවිට හරිම සතුටුයි. පිනෝ කියෝ හොද ළමයෙක්. ඒ නිසා එයා පිනෝ කියෝව ඇත්තම ඇත්ත ළමයෙක් කලා. එදා ඉදන් පිනෝ කියෝ තාත්තාවත් බලාගෙන බොහොම සතුටින් කාලය ගත කලා. |
No comments:
Post a Comment