සුවද කැකුළු

Tuesday, September 8, 2015

පතල් කවි




දුම්බර කන්ද පාමුල මිනිරන්                     පතලේ
බැසලා බඹ තිහක් කඵගල සිදුරු                  කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන්                   කළේ
විස්තර කියමි දුම්බර මිණිරන්                   පතලේ

මී වදේ ලෙසට ඉල්ලම                     සොයාගෙන
එම වදේ ලෙසට කටු පණ                     තියාගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු                      රැගෙන
මේ සදේ පතල්වල ඉල්ලම්                        කපන

කරවනැල්ල ඉස්ටේසම ටිකට්                    දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්               දෙන
කොටියා කුඹුර ඉස්ටෝරුව බඩු                කිරන
මා බෝගල පතලයි අපි වැඩ                    කරන

බඹර කරකවා අත්දෙක                   වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                 කනවා
වතුර ඇදල අත්වල කරගැට                    එනවා
මිතුර පතල් වැඩ ගැන මගෙ බඩ               දනවා

මිනිරන් පතල හරියට අපේ ගෙදර             වගේ
බත් දෙන කෝකියා හරියට මවුන්             වගේ
ලියන අප්පු පවුලට ලොකු අයිය               වගේ
ලොඩර ගොල්ල හරියට අමු සොහොන     වගේ

No comments:

Post a Comment