සුවද කැකුළු

Wednesday, September 2, 2015

සර්පයෙක් දෂ්ට කිරීමකදී




සර්පයෙක් දෂ්ට කලවිට නොකළ යුතු දේ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැහැ නේද? දන්න අයත් ඇති. කමක් නැහැ. අපි තව ටිකක් මේවා මතක් කර ගනිමු.

සර්පයෙක් දෂ්ට කල විට ඇස්ප්‍රින් දීම හොද නැහැ.
ඒ වගේම දෂ්ට කළ මුඛය කැපීමත් නොකළ යුතුයි.
තවත් කරුණක් තමයි පිළිස්සීම නොකළ යුතුයි.
එසේම රෝගියා නිකරුනේ වෙහෙසට පත් කිරීමත් හොද දෙයක් නොවෙයි.
එසේම ඇතැම් අය වේදනාව නැති වෙන්න කියලා මද්‍යසාර වැනි දේ බීමට දෙනවා එයත් නොකළ යුත්තක්.
තවත් මා අසා ඇති කරුණක් තමයි එළකිරි පානයට දීම නොසුදුසුයි කියලා. 


එසේම සර්පයෙක් දෂ්ට කළ විට දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා ඒවා මොනවාද කියලා සැලකිලිමත් වීම වැදගත්.

·         ක්ලාන්තයක් ඇති වීම
·         ඇස් අඩවන් වීම
·         අධිකව බඩේ වේදනාවක් ඇති වීම
·         දිව එළියට දැමීමට අපහසු වීම
·         තුවාලය අවට දැවිල්ලක් ඇති වීම
·         කතා කිරීම අපහසු බවක් දැනීම
·         තුවාලය අවට අධික වේදනාවක් ඇති වීම
·         හෘද ස්පන්දනය අක්‍රමවත් වීම

ඔන්න මේ කාරණාවන් කෙරෙහි සැලකිලිමත් වෙන්න.  ඔබටත් මෙවැනි අයෙකු දක්නට ලැබෙන්න පුළුවන්.

No comments:

Post a Comment