සුවද කැකුළු

Tuesday, September 8, 2015

කුරක්කන් කවි




දුරුතු මහේ දී කැලයට                                 වැදීලා
මසක් පමණ කල් කැලවල්                      කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි                               තබාලා
කුරහන් ඉදිමුද කළුවර                                බලාලා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන                       රගේ
මල්වල් රුවට කිරි කුරහන් පෙනෙන                     රගේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන            රගේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ                       මගේ

හේනේ පැලේ මා විදිනා                               සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති                              සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                           මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                               කුරක්කන්

කුරක්කන් තුනයි වැපිරුවෙ                            අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                                   රුදාවේ
අරින්ටත් බැරුව ලොව ගම                              සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                                සුබාවේ

කරක්කන් කපයි අඔරයි අපේ                               එකී
හැළිය මුවාවට ඉදගෙන බෙදන                             එකී
තලප ටික කන්ට හොදි ටික නොදෙන                   එකී
ඊයේ පලද්දැයි මා ළග උන්න                                එකී

No comments:

Post a Comment