සුවද කැකුළු

Monday, November 26, 2012

මීයා


ඇද ඇතිරිලි කොට්ට මෙට්ට
පෙට්ටි පැදුරු ඇදුම් බැදුම්
ඇවිත් රෑට මේ මීයා
කෑලි කෑලි කපා දමයි

ලූණු මිරිස් උම්බලකඩ
කැවුම් කොකිස් මුං අග්ගල
නොවසා එළියේ තැබුවොත්
අරන් යන්නෙ මේ මීයා

දැලි පිහියක් වගේ තියුණු
දත් දෙපෙළක් තිබෙන මූට
ඉඩ ලැබුණොත් ඕනැ දෙයක්
ලේසියෙන්ම කපතෑකී

ගොඩ ගොඩවල් කැත කුණු ඇති
අහු මුළුවල කූඩු හදයි
බෝ වී යන මහමාරිය
මුගෙන් හැදෙන නපුරු ලෙඩකි

දික් වලිගය වටකුරු ඇස්
සහ පොපියන නාස් දෙ පුඩු
හුරතල් පෙනුමක් ඇති මූ
විකුවොත් නම් බොහොම විසයි.




ළමා කවි කළඹ

4 comments:

  1. ඇත්තටම මේ මියොත් එක්කත් අපේ ගෙදර මාර තරහක් තියෙන්නේ...මම උන්ට ටිකක් ආදරේ වෙයිනෙ කියලා RATATAOULI කියන ෆිල්ම් එකත් බැලුව. ඒත හරිගියේ නම් නෑ..දැන් නම් අඩුයි හැබැයි.

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. අපි නම් ඕං මීයෝ එක්ක තරහා නෑෑෑෑෑ!!!!

    ReplyDelete
  3. අපිත් ත‍‍රහ නැ මී යලුවේ 🐀🐀

    ReplyDelete