ඇද ඇතිරිලි කොට්ට මෙට්ට
පෙට්ටි පැදුරු ඇදුම් බැදුම්
ඇවිත් රෑට මේ මීයා
කෑලි කෑලි කපා දමයි
ලූණු මිරිස් උම්බලකඩ
කැවුම් කොකිස් මුං අග්ගල
නොවසා එළියේ තැබුවොත්
අරන් යන්නෙ මේ මීයා
දැලි පිහියක් වගේ තියුණු
දත් දෙපෙළක් තිබෙන මූට
ඉඩ ලැබුණොත් ඕනැ දෙයක්
ලේසියෙන්ම කපතෑකී
ගොඩ ගොඩවල් කැත කුණු ඇති
අහු මුළුවල කූඩු හදයි
බෝ වී යන මහමාරිය
මුගෙන් හැදෙන නපුරු ලෙඩකි
දික් වලිගය වටකුරු ඇස්
සහ පොපියන නාස් දෙ පුඩු
හුරතල් පෙනුමක් ඇති මූ
විකුවොත් නම් බොහොම විසයි.
ළමා කවි කළඹ
ඇත්තටම මේ මියොත් එක්කත් අපේ ගෙදර මාර තරහක් තියෙන්නේ...මම උන්ට ටිකක් ආදරේ වෙයිනෙ කියලා RATATAOULI කියන ෆිල්ම් එකත් බැලුව. ඒත හරිගියේ නම් නෑ..දැන් නම් අඩුයි හැබැයි.
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
අපි නම් ඕං මීයෝ එක්ක තරහා නෑෑෑෑෑ!!!!
ReplyDelete😍
ReplyDeleteඅපිත් තරහ නැ මී යලුවේ 🐀🐀
ReplyDelete