සුවද කැකුළු

Sunday, October 21, 2012

ප්‍රස්ථා පිරුළු 2


1       අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා
(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි)

2       අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි
(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු.  මලක් පිපුනොත් පුදුමයක්.  ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)

3       අටුවෙන් දුමට බැස්සා වගෙයි
(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි.  අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා.  විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.)

4       අඩන්න ඕනැලු කිරි එරෙන්න
(පැටියා අඩන විට මවට කිරි එරෙනවා.  ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ)

5       අඩු කලෙයි සෙලවෙන්නේ
(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත.  ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි.  උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)

6       අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා
(ඕනෑම දෙයකට නියම ක්‍රමයක් තිබියදී අයථා ක්‍රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)

7       ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි
(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)

8       ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි
(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි)

9       ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි
(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි)

10    ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි
(ඉදිකටු තුඩ ඉතා සියුම්ය.  එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක.  එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.)

4 comments:

  1. මරු.මරු.මරු. තව දාන්න.දැන් ඉතින් ඕවා අහගන්න අපිට අපේ ආච්චිලා සීයලා නෑ.එයාලා ඉන්නකොටත් අපි අහගත්තේ නෑනේ.තව දාන්න.ජය වේවා !

    ReplyDelete
  2. දිරිගන්වනවාට ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  3. මේවා ජිවිතේටවත් අහපු නැති ඒවානේ..... :P

    ReplyDelete
    Replies
    1. Ksharapani

      තවත් තියෙනවා ටික ටික ලියන්නම්කෝ.

      Delete