සුවද කැකුළු

Wednesday, October 10, 2012

ජන කවි 1



ඉර දෙවියන් ඉර මුදුනෙන් වඩින                තුරා
සද දෙවියන් සද මුදුනෙන් වඩින                තුරා
ගණ දෙවියන් ගන අදුරෙන් වඩින              තුරා
සිව් පද කියමු අපි ඉරු ගල තිබෙන             තුරා

දුම්බර කෙතේ වැට බැදලා රැකුම්                 බැලුම්
මාවැලි ගගේ දිය බැදලා කෙතට                   ගිලුම්
බොළද ලියන් කර ඔසවා බලන                  බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ                  නෙලුම්

අදුරු ලලා සෙංකඩගල වසි                       න්නා
පදුරු ලලා වල් කුඩු මැටි බදි                      න්නා
අක්කා නගුන් නැති අරුමේ දැනෙ              න්නා
මෙදා අද කුඹුර නෙලුමෙන් ඇරෙ               න්නා

කල් බලා නොවෙද ගොයිතැන් කර            න්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙ                න්නේ
සෙනසුරා නොවෙද වැහි පල නුදු                න්නේ
ලොව්තුරා බුදුන් කවදද දකි                       න්නේ

සින්දු සිවු පදයි තැන තැන ඉද කිය                  නා
බින්දු දහඩියයි නළලේ තොර නොවෙ             නා
පෙර කළ අකුසලෙන් ගල් කුර උගුල              නා
ළන්දු සොද රුවයි හේනේ මදු නෙල               නා

රොත්තෙන් රොත්ත එන වලි කුකුළු පැටි     යනේ
නිත්තෙන් ගොබලු දෙ පතුල් රතු කොබෙයි යනේ
අසල ගසේ මල් අවුළන පරෙයි                  යනේ
බාල නගා නුදුටු ද සියලු දෙවි                     යනේ

පාට හොදයි පැළවෙන ගොයමේ නි            ල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රො                 ල්ල
යාල දෙ ගොඩ හඩනා මැඩියන් ගො           ල්ල‍
දෙවියනි බුදුනි පාළුයි තංගලු මු                  ල්ල

මැණිකේ ඇවිත් අද තිස්සේ නියර පි           
මඩ ඩිංගක් ඉසුණ යි නෙරි කැරැල්ල           
කමා වෙලා මාතින් වුණ වැරැද්ද                
මැණිකේ ඉතින් යනවාකෝ වලව්ව           

කැකුළු තිසරු ඔසරියෙන් වසා                   ගෙන
රුකුළු වළලු දෑතේ නද දී                          ගෙන
මැදලා පුස්කොළ තෝඩු තියා                    ගෙන
වෙල මැද නෙලුමට යමු සැරසී                   ගෙන

තෙල් ගාලා ඉස පීරන්                              නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන්                       නෑනෝ
සේලේ අරගෙන ඇදපන්                           නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි                     නෑනෝ

මුඛ පරම්පරාවෙන් එන ජන කවි වගේම පොත්පත් වල ලියැවුන ජනකවිත් තියෙනවා.  මේ ගැමි ජනතාව අතර පැවතුන මුඛ පරම්පරාවෙන් එන ජන කවි දහනව වන ශතවර්ෂයේදී විතර ඇතිවූවක් විදියටත් සැලකෙනවා.  ජනකවි වල එන භාෂාව යම් කිසි අළුත් බවකුත් පෙන්නුම් කරනවා.  ඒ වුනත් එහි ඇති අත්දැකීම් නම් පරණ ඒවාමයි.

ජනකවි කියනකොට පැරණි උපමා වගේම අලුත් උපමා රූපක යොදාගෙන තියෙනවා.  ජිවිතයේ දුක වගේම සතුටත් මේ කවිවලින් පෙන්නුම් කරනවා.  කවර ආකාරයේ අත්දැකීමක් වුවත් සංයමයෙන් යුතුව කියා පාන්නට ජනකවියා සමත් වෙලා තියෙනවා.  ජනකවියේ තියෙන විශේෂම ලක්ෂණය තමයි නිර්ව්‍යාජ කම.  ජන කවි අතර සංවාදයන් සේ ගැනෙන කවිත් බහුලව තියෙනවා.   . 

2 comments:

  1. සෑහෙන්න වටින ලිපියක්.... හැමදාම අහල දන්න කවි වලට වඩා නොදන්න කවි තියෙනවා....... හොඳ වැඩක්.........

    ReplyDelete
  2. ජිනේ

    ස්තුතියි මේ පැත්තට ආවට!!!

    ReplyDelete