සුවද කැකුළු

Tuesday, November 15, 2011

මං කවුද?


ඔන්න පොඩිත්තනේ 
අද ඔයාලට මං ගැන පුංචි පුංචි 
දේවල් ටිකක් කියලා දෙන්නයි හදන්නේ.
මුලින්ම දන්නවද මං කවුද කියලා, 
ඔයාලා මට බොහෝම ආදරේ 
කරන බව මම දන්නවා.
මගේ නම තමයි 
වතුර.
මට ඔන්න එක එක අය 
එක එක අවස්ථා වලදි කතා කරන 
විදියේ වෙනස්කම් රැසක්ම තියෙනවා. 
ඉතින් අහගන්නකෝ. 

මට මිනිස්සු 
ගෞරවයෙන් කතා කරන
කොට කියන්නේ ජලය කියලා. 
මං ගැන එක එක ලිපිපල කරන කොට ඒ 
අය ගෞරවාන්විතව මට කතා කරනවා.  
අනෙක් අතට අපි පන්සල් ගියහම
පන්සලේදි කවුරුත් මට 
කතා කරන්නේ 
පැන් කියලා. 
මල් වලට ඉහින
කොට පැන් ඉහිනවා කියනවා. 

අත් සෝදන කොට 
අත් දෝවනය කරනවා කියනවා. 
එතකොට බෝධීන් වහන්සේ 
නාවන්න ගන්නේපිරිසිදු 
පැන් කලයක්. 
පොඩිත්තන්ට 
මතකයි නේද?
හැබෑවටම 
කිවුවොත් 
මාව 
නොදන්න 
කෙනෙක් නැති තරම්. 

මම හරිම පිරිසිදුයි. 
ඒ වගේම තමයි සමහර 
අයට මාව කොතරම්තිබුනත් 
එතරම් වටිනාකමක් තේරුම් ගන්නේ 
නැහැ. ඒත් ඇතැම් උදවිය නම්
සල්ලි වලටත් මාව 
ගන්නවා.
සමහරුන්ට 
සල්ලි දීලා වත් ගන්න
නැහැ. ඒ තරමටම මං හිග
වෙන අවස්ථාත් තියෙනවා.

දැන් දැන් මගේ වටිනාකම කාට 
කාටත් තේරෙන්න පටන් 
අරගෙන. මාව ආරක්ෂා 
කරගන්න එක එක
නීති රීතිත් හදලා
තියෙනවා.
ඇත්තම කිවුවොත් 
දරුවනේ මං නැතිව 
ඔයාලට ජීවත් වෙන්නවත්
බැහැ.

ඔන්න බලන්නකෝ, 
මට විවිධ අවස්ථා වලදී 
කියන නම්  මතක් වෙනකොට
ලැජ්ජත් එක්ක.  සමහර අය කරන
වැඩ නිසා මාව අපිරිසිදු වෙනවා. මම යන 
එන පිරිසිදුතැන් වලට අපවිත්‍ර 
දේ ගෙනැත් දාන නිසා 
මිනිසුන්ට මාව 
පාවිච්චියට 
ගන්න
වෙන්නේ 
උණු කරලා.
එතකොට මට 
කියන්නේ උනු වතුර කියලා.
මම ඒ ගැන තරහා වෙන්නෙ නැහැ.
මොකද උණු ජලය බොන තරමට සෞඛ්‍ය
ගැන ප්‍රශ්ණ ඇත්තෙත් නැහැනේ නේද?.  
එතකොට ඕං ඇල් වතුර උණු වතුර වෙනවා.

ඔන්න ඉතිං 
එහෙම වතුර උණු කරලා 
ඒකට තේ කොළ එහෙම දාලා
සීනි ටිකක් එක්ක බොන කොට මට 
කියන්නේ තේ වතුර කියලා. රසයි නේද දරුවනේ...
සමහර උදවිය ඔය කොහේ හරි ගිහින් 
ඇවිත් ගිමන් අරින ගමන් 
අයිස් පෙට්ටියෙන්
මාව පුරවපු 
බෝතලයක් අරගෙන බොනවා.  
අප්පා...එතකොට දැනෙන සනීපේ. 
හැබැයි පුංචි ඈයොත්බොහෝම කැමතියි 
එහෙම මාව බොන්න නම්. ඒත් 
වැඩිපුර ගත්තොත් ලෙඩ
වෙන්න පුළුවන් 
ඕං..බලාගෙනයි.  
එතකොට නම්
මට කියන්නේ
අයිස් වතුර කියලා.

ඔන්න ඉතිං 
සමහර දවස් වලට
විදුලි කොටලා හෙන පුපුරලා 
අහස අඩන්න පටන් ගන්නවා.
ඒ වෙලාවට අහසින් වැටෙන්නේ 
වැහි වතුරනේ නේද?  
ඒ වැහි වතුර ටිකක් 
වේගවත් වෙලා 
ගං බිම්
සෝදා ගෙන
ගහගෙන ගෙවල් යට කරගෙන
යනකොට කියනවා ගං වතුර කියලා.
එහෙම වෙන්නේ ඔන්න මට ටිකක් තරහා ගියාම තමයි. 
පුංචි පැටවු මතක තියාගන්ට ඕනෑ හොදද?

ඉන් පස්සේ 
මේ අහසින් වැටෙන වතුර
එකතු වෙලා ඔයාලගේ ගෙදර තියෙන 
ලිද පිරෙනවා. ඒ වතුරට මොනවද දන්නවද 
කියන්නේ ලිං වතුර.එතකොට ඔයාලගේ අම්මා අප්පච්චි 
එහෙම සල්ලි ගෙවලා පයිප්ප දිගේ එන වතුර 
මොනවද?ඒකට කියන්නේ පයිප්ප
වතුර කියලා.  ඒවාට ක්ලෝරීන් 
කියලා ජාතියකුත් දානවා 
පිරිසිදු වෙන්න කියලා. 
මේ වතුර දැන් බෝතල් 
වල දාලත් විකුණන්න 
තිබෙනවානේ.
ඒවාට කියනවා 
බෝතල් වතුර කියලා.  
අපි තව ටිකක් එහාට ගියොත්
ඒ කියන්නේ මුහුද පැත්තට....
එතකොට මුහුදේ තියෙන්නේ
මුහුදු වතුර
ඇයි ලුණු වතුර 
කියලත් කියනවා.

වැස්ස වැහැලා වැහැලා 
හැම තැනම හෝදාගෙන යනකොට
ගගේ තියෙන්නේ බොර වතුර.
ඒ වැස්සට මිදුල මඩ වෙලා
පුංචි ඔයාලා ඔරු හදලා 
දාන්නේ මඩ වතුරෙ 
නේද?
සමහර වෙලාවට 
අම්මාගෙන් ගුටිත් කනවා නේද? 

හූ....හූ....මම දන්නවා.

ඔන්න බලන්න 
ඉර මුඵ ලෝකෙටම 
එළිය දෙනවනේ.  ඒත්
සමහර තැන් වල ඉර එළිය 
වැටෙන්නේ නැහැ. එහෙම තැන්වල 
එකතු වෙලා තියෙන්නේ පල් වතුර. ඒවායේ 
මදුරුවෝ වගේ විස සත්තු ඉන්නවා නේද?
ගෙදර අම්මා එළවළු එහෙම හෝදලා එළියට 
විසි කරන්නේ කුණු වතුර. එතකොට 
අම්මා රෙදි සෝදලා විසි කරන්නේ 
සබන් වතුර. බලන්නකො ඉතිං 
ඒකෙත් හැටි නේද?
කවුරු කොහොම කතා කලත්
මං නැතිව ඉන්න නම් අමාරුයි. 
මගේ වටිනාකම හැමෝම දන්නවා. 
ඒකනේහැම වෙලාවෙම ඔය ටී වී, රේඩියෝ වලින් 
කියන්නේ මාව අර පරිස්සමෙන් පාවිච්චි 
කරන්න කියලා. හැබෑවටම මාව 
පරිස්සම් කරගත්තොත් 
ප්‍රයෝජනේ 
තියෙන්නේ ඔයාලටමයි. 
මතකනේ එහෙනම්......
ගිහින් එන්නම්..........!!!!!

No comments:

Post a Comment