සුවද කැකුළු

Thursday, June 26, 2014

අකුරට යනවයි කියලා

අකුරට යනවයි කියලා
ටිකිරි අයියා බැදි වලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියලා පොඩි නැන්දට
අල්ලල දෙන්නම්

මාළු ඇඹුල් තියල් කරල
පොල් සම්බල රහට හදල
ඇල් හාලේ බතුත් එක්ක
අනල කවන්නම්
කවන ගමන් මමත් කවන
තරමට කන්නම්

කරුවල ඇති වැහි දවසට
මහ රෑ මැද ලගින් ඉදන්
පල් හොරු ගැන හොල්මන් ගැන
කතා කියන්නම්
කතා කියලා බය ඇරෙන්න
විහිළු කරන්නම්



(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා)

5 comments:

  1. පඳුරු අස්සේ කුරුල්ලන්ට ඔමරිකරන ආදරයෙන් සිලිදි ඉතින් දර කැඩුවද මමත් කියන්නම් ගිහින් කියලා පොඩි නැන්දට අල්ලල දෙන්නම්..ඉඳුණු කරඹ ගොඩාරියක් මගේ ඔඩොක්කුවේ තියෙනවා ටිකිරි අයියටත් දෝතක් පුරවලා දෙන්නම් පුරවල දී තවමඳිනම් හිඹුටුත් දෙන්නම්...සිලිඳිට සී පද කියන්න කුරුල්ලන්ටමල තියන්න ලොකුවුනාම මේ බැද්දෙම හේන් කොටන්නම් හේන් කොටලා අපි දෙන්නට පැලක් හදන්නම්...හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්කා මල් පිපුනම ඒ ලග ගල් පොත්තක් උඩ වාඩිකරන්නම් වාඩිකරලා ලගින් ඉදන් නලා පිඹින්නම්...ගමේ ලමීස්සියන් එක්ක වෙළට ගිහින් පන් ගලවලා රටා පුරලා මෝඳිතියා පැදුරු වියන්නම් පැදුරු වියලා එකේ ඉඳන් පංචි දමන්නම්.....මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කමලනි පෙරේරා සහ එස්.කරුනාදාස විසිනි

    ReplyDelete
    Replies
    1. ඔයා හරි. කමලිනි කියන්නේ මගේ මිස් කෙනෙක්. මේ කොටස තිබුණේ පාඩම් පොතක. ඉතිරි ටික ටිකක් ලොකු වැඩි වගේ හින්දා දැම්මේ නැහැ. ඒත් ඔයාට ගොඩක් ස්තුතියි

      Delete
  2. ආසම ගීතයක් මල්මී. කොයිතරම් අව්‍යාජව කරපු රචනාවක් ද? මේ. මේ ගීය අප කුඩා කාලෙ හරිම ආසවෙන් කියාපු ගීයක් වගේම නිතර ඇසුනු ගීයක්. මානවසිංහයන්ගේ සිලිලාරෙක හෙල් මැලි ....... හා වැලිතල අතරේ - හෙමිහිට බසිනා ගීත මම ඉතාම ප්‍රියකරනවා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වූවාට. අපිත් මේවා පොඩි කාලේ අහලා තිබුණට දැන්නම් අහන්න ලැබෙන්නේ නැහැ. කනගාටුවක් දැනෙනවා ඒ ගැන.

      Delete
  3. අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
    ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
    ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

    පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
    සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
    ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්

    ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
    ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
    පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්

    සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
    ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
    හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්

    මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
    ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
    කවන ගමන් මමත් කවන තරමක් කන්නම්

    හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
    ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
    වාඩි කරල ළඟින් ඉඳන් නළා පිඹින්නම්

    ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
    රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
    පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්

    කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
    පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
    කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්

    ගායනය: එස් කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
    පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
    තනුව: අඥාතයි

    ReplyDelete