ඔන්න ඉතිං එකමත් එක කාලෙක පිටිසර ගමක හිටියා ගමරාළ කෙනෙක්.
මේ ගමරාළ තමයි ඒ ගමේ හිටිය ප්‍රධානියා. එයාට හිටියා ටිකක් විතර
තරබාරු ගම හාමිනේ කෙනෙක්. මේ දෙන්නට හිටියා බොහෝම ලස්සන
දූ සිගිත්තක්. සිගිත්තක් කිවුවට මොකද ඇය හිටියේ තරුණ වයසේ.
මේ ගමරාළයි මහගේයි එයාලගේ එකම දුවට කතා කලේ කළුහාමි කියලා.
අම්මයි අප්පච්චියි මේ දෝණිට බොහෝම ආදරෙයි. ඇය ඔවුන්ගේ ඇස් දෙක වගෙයි.
ඔන්න ඉතිං කොහොම වුනත් කළුහාමිට අවුරුදු විස්ස වෙනකොට ඇය
හදිසියේම මියගියා. මේ ගමරාළටයි එයාගේ හාමිනේටයි
දරාගන්න බැරි තරම් දුකයි. ඒත් ඉතිං මොනවා කරන්නද?
ගමමහගෙට හැම වෙලාවෙම තමන්ගේ දුවව මතක් වුනා. දවස මුළුල්ලේම
ඇය සිටියේ හැඩූ කදුලෙන්. ඇය ජීවත් වෙලා හිටියානම්
කොතරම් වටිනවාද? එහෙනම් කළුහාමි කසාද බදින දවසට මේ ගමේ
ඉන්න ලස්සනම මනමාලිය ඇය වේවි. කියලා ගම මහගේ හිතුවා.
ඒත් ඉතිං මොනවා කරන්නද? අපෙත් අවාසනාවට ජීවිතේ හරිහැටි ගෙවෙන්නත්
කලින්ම ඇය මේ ලෝකේ හැරදාලා එලොව ගිහින්නේ.
ඔන්න ඉතිං ගමමහගෙයි ගමරාළයි මේ විදියට කාලය ගත කලා.
එක දවසක් දා ගමරාළ තමන්ගේ කොරටුවට ගියා වගාව බලලා එන්න කියලා.
ඒ ගිය අතරේ ඔවුන්ගේ ගෙදරට හිගන්නෙක් ආවා.
ඔහු දිහා බැලූ බැල්මටම පෙනුනා බොහෝම අමාරුවෙන් ආපු බව.
ඔහු හිටියේ ලෙඩ ගානේ බව හොදටම පෙනෙන්නට තිබුනා.
ඉතිං ගමමහගේ මේ හිගන්නා දිහා බොහෝම අනුකම්පාවෙන් තමයි බැලුවේ.
ගමමහගේ මේ හිගන්නාට කන්නට යමක් දුන්නා. ඒත් එක්කම ඔහුගේ ඔහුගේ
අයහපත් සෞඛ්‍ය තත්වය ගැනත් අහන්න අමතක කලේ නැහැ.
“හාමිනේ දන්නවයි.....හිගන්නා කියන්නට පටන් ගත්තා.
“මම පහුගිය දවස් ටිකේ බොහෝම අසනීප වුනා. හුගාක් අමාරු වුනා.
ජීවිතේ බේරුනේ අනූනවයෙන්. එලොව ගිහින් මෙලොව ආවා වගෙයි හරියට......
ගමමහගේ ඔහුගේ කතාවට හොදින් ඇහුම්කන් දුන්නා.
හිගන්නාගේ කතාව ඇයගේ හිතට බොහෝම තදින් දැනුනා. ඒ වගේම
ඇය බොහෝම පුදුමයට පත්වුනා. “හෑෑ මොනවා එළොව ගිහින් මෙලොව ආවා....
“ඔහේ කිවුවේ එහෙම නේද? ඇය ඇසුවා.
ඔන්න ඉතිං හිගන්නාට වැඩේ තේරුනා. තමන් කියපු දේ ගමමහගේට
හරිහැටි නොතේරුනු බව.
ඔහු කිවුවා “ ඔවු හාමිනේ, ඒක තමයි මම කිවුවේ. ඇත්තටම මම එළොව ගිහින්
මෙලොව ආවේ. ඇයි හාමිනේ එහෙම ඇහුවේ......?
“උඹ දන්නවද, අපිට හිටියා කළුහාමි කියලා ලස්සන දුවක්......
ඇය ටික දවසකට එලොව ගියා. එත් මට හරියට පුදුම හිතුනා උඹ එළොව ගිහින්
ආවා කිවුවම. උඹට ආයෙත් අවස්ථාවක් ලැබුනොත් එලොව යන්න මගේ දුව මුණගැහෙනවද ගිහින්
එතකොට හිගන්නා දැනගත්තා මේ ගමමහගේ බොහෝම මෝඩ කාන්තාවක් බව.
“අනේ ඔව්.....ආාාා හරි හරි මට දැන් මතකයි. හාමිනේගේ දුව කළුහාමි නේද?
අනේ මොන තරම් ලස්සන දැරිවියක්ද? ඇය හැම වෙලාවෙම කතාකරන්නේ හාමිනෙයි
ගමරාළයි ගැනම තමයි....
ඔන්න ඉතිං ගමමහගේට බොහෝම සන්තෝෂයි. අන්තිමේදි දුවව දන්න කෙනෙක්
මුණගැහුනා. කියලා ගමමහගේ හිතුවා. අපේ දුවව අදුනගෙන එහෙනම්...
ඉතිං ගමමහගේ හිගන්නාට විස්තර කලා තමන් දුවව කොතරම් ආදරෙන්ද බලාකියා ගත්තේ කියලා.
එවිට හිගන්නා මෙහෙම කිවුවා. “ අනේ කොතරම් හොදද හාමිනේලව මුණගැහුන එක. ඇත්තටම හාමිනේ
මම ඇත්තම කියන්නම්. මම කළුහාමිට බොහෝම ආදරෙයි. ඇයත් මට ඒවගේම
ආදරෙයි. අපි දෙන්නා බොහෝම මෑතකදී කසාද බදින්නයි ඉන්නේ.
නමුත්........?????
හිගන්නා බොහෝම කනස්සල්ලෙන් වගේ බලාගෙන හිටියා.
“මොකද උඹ ඒත් කියලා නැවැත්තුවේ? ගම හාමිනේ ඇහුවා.
“නමුත් ඇය හරිම දුකෙන් ඉන්නේ.
“දුකෙන්?? අනේ ඒ මොකද ඒ?
“මොකද කියලා කියනවානම්, ඇයට අමතක වෙලා ඇගේ රත්තරං බඩු ටික අරගෙන යන්න
ඉතිං අපේ මගුල් ගෙදරට අදින්න රත්තරං බඩු මොනවත් නැහැනේ. ඒ නිසයි ඇය
දුක් වෙන්නේ.....!!!!!
අනේ ඔන්න ඉතිං ගමහාමිනේටත් හරිම දුකයි.
““අනේ ඉතිං කොතරම් හොදයිද? මට එහෙනම් පුතාගේ අතේ රත්තරං බඩු
ටික දුවට යවන්න පුළුවන්. පුතා ආපහු ඒ ලෝකෙට යන්නේ කවදද?
ගම මහගේ ඇහුවා.
“මොනවද මේ අහන්නේ. මම අදම යනවා. ඒ යනකොට අරන් ගිහින් දෙන්නම් රත්තරං බඩු ටික.
ඉතිං ගම මහගේට හරිම සතුටුයි. ඇය කළුහාමිගේ සියලුම රත්තරං බඩු ටික එකතු කරලා
හිගන්නාට දුන්නා.
“මගේ ආදරණීය බෑනෝ, මේ බඩු ටික දුවට දීලා කියන්න මේක දුවට අම්මාගෙන්
තෑග්ගක් කියලා. ඔන්න හිගන්නාත් බොහෝම සතුටෙන් අර බඩු ටික සේරම අරගත්තා.
“හොදමයි අම්මේ. මං හිත්නනේ නැහැ ඇයට මේ ඔක්කොම රත්තරං බඩු ඕන වෙයි කියලා.
ඒත් මම කියන්නම්කෝ මේක අම්මයි දුන්නේ කියලා. අම්මා සුබ පැතුවා කියලත් කියන්නම්.
ඉතිං ගමමහගේගේ මුහුණ ප්‍රීතියෙන් පිනා ගියා.
“දෙයියනේ දැං හොදටම ප්‍රමාද වුනා. කළුවර වැටෙන්නට කලින් මම දැන්මම ඒ ලෝකයට යන්න ඕනෑ.
එහෙම කියලා හිගන්නා බොහෝම ඉක්මනින් නොපෙනී ගියා.
ඔහුට උවමනා වුනේ නැහැ ගමරාළ ගෙදර එනවිට ඔහුට පෙනෙන්නට ඉන්න.
ටික වෙලාවකට පස්සේ ගමරාළ ගෙදර ආවා.
ඔහු දැක්කා කවදාවත් නැති තරම් සතුටකින් ගමමහගේ ඉන්න බව.
“හාමිනේ අද බොහෝම සතුටෙන් වගේ ඉන්නේ. මොකෑ හේතුව ....ගමරාළ පුදුමයෙන් ඇහුවා.
ඉතිං ගමහාමිනේ ගමරාළට හිගන්නා ගැන සියලු විස්තර කිවුවා.
“අනේ රත්තරං කොළු ගැටයා. දුවටම ගැලපෙන හාදයා. මම ඉතිං කළුහාමිට දෙන්න
කියලා රත්තරං බඩු ටික සේරෝම දුන්නා.....
ඔන්න එතකොටයි ගමරාළට වැඩේ තේරුනේ. තමන්ගේ හාමිනේගේ මෝඩ කම ගැන
ගමරාළට විස්වාස කරන්නත් බැරි තරම්. කේන්තියට පත්වුන ගමරාළ හාමිනේට මොනවත්ම
කිවුවේ නැහැ. ඔහු ඉක්මනින් ගිහින් එක පාරටම පැන්නා අශ්වයාගේ පිට උඩට.
හිගන්නා ගිය දිශාවට අසු වේගයෙන් පැන්නුවා.
හිගන්නා දැක්කා වේගයෙන් අසු පන්නාගෙන එන ගමරාළව ඈත තියාම.
දැන්නම් තමන්ට ගැලවීමක් නැති බව ඔහු දැනගත්තා.
ඉතිං හිගන්නා කලේ ලගම තියෙන ගසක් උඩට බඩගෑමයි. ඔන්න ගමරාළ දැක්කා
හිගන්නා ගහ දිගේ බඩගාගෙන ඉහලට නගිනවා.
ගමරාළත් අශ්වයාව ගහමුල තියලා ගහ දිගේ ඉහලට බඩගාන්න පටන් ගත්තා.
හිගන්නා කලේ ඔහු හිටපු අත්තෙන් අනිත් අත්තට පැන්නා. ඒත් එක්කම ඒ අත්ත
අශ්වයා ඉන්න ඉසව්වට ටිකක් පාත් වුනා. දැන් ඉතිං මෙතනින් පැනගන්න හොදම වෙලාව
කියලා හිතපු හිගන්නා, ඉක්මනින්ම ගමරාළ ලගට එන්න කලියෙන් අශ්වයාගේ පිටට එකපාරටම පැන්නා.
පැනපු වේගෙට අශ්වයා කලබල වෙලා දුවන්න පටන් ගත්තා. නමුත් ඔහු බොහෝම සීරුවෙන්
අශ්වයාව පාලනය කරගත්තා.
අනේ ඉතිං දුප්පත් ගමරාළට කරකියා ගන්න දෙයක් නැතිවුනා. දැන් ඉතිං අශ්වයාත් නැහැ නෙව!!!
“අනේ මගේ ආදරණීය බෑනෝ, ඔහු කෑගැහුවා.
“අනේ කරුණාකරලා දුවට කියන්න, රත්තරං බඩු අම්මාගෙන් අශ්වයා දුන්නේ තාත්තයි කියලා.
එතකොට “ඔව්....මගේ මාමණ්ඩි මම ඒ කියපු දේවල් ඒ විදියටම කරන්නම් ....කියලා කළුවරේ
නොපෙනී ගියා.
(එලොව ගිහින් මෙලොව ආවා ජනකතාව ඇසුරින්)
ගමරාළගේ ස්ථානෝචිත මෙව්වා එක නම් මාරු....
ReplyDeleteඒක නම් ඇත්ත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා සුවද කැකුළු බලන්න..මොනවා නැතත් දෝණිට දුන්නේ නම් හරි අපුරු තෑගි ටිකක්....(හේ..හේ..)
ReplyDeleteසිතුවිලි දැහැන
ReplyDeleteස්තුතියි ආවට. ඒකනේ දෙයියොත් දෙනකොට දෙන්නේ මදියි නොකියන්න.