ඈත එපිට දිගු මඩලේ
මහ කදු වැටියක අසලේ
ගිරි කුළු හෙවණේ
නිහඩ පිටියෙ වනන්තරේ
මහ කළුවර ගස් අතරේ
ඉදුනිල් තලයේ
සීතල උල්පත නැගුනා
සැනසිලි විල එහි මැවුනා
රැළි නැග වතුරේ
ඒ විල මැද නිසොල්මනේ
මානෙල් මලකුයි හැදුනේ
හිමිහිට පිපුණා
ඒ මලේ රොන් කැට ගැසුනා
රස නිදි කුමරිය මැවුනා
හැඩ නිල පෙනුණා
මානිල් මල හැකි ගියා
ඇය ඉවතට ඇදී ගියා
අහසට නැගුනා
නිල් මිණි ගිරි කුළට උඩින්
පාවෙන කළු වලා කඩින්
පැනගෙන ආවා
නිදි කුමරිය සුරත නගා
ඇසටද පිඹ හිස අතගා
දෙයි සුබ සලසා
ගිරවා දැක මල් ඉත්තේ
පිම්බම ඌ නිදි ගත්තේ
රෑ සද එළියේ
ගුල මත්තේ පිල් පුම්බා
සිටි මොනරෙකු හට පිම්බා
නින්දක් දුන්නා
බළලා ලැග එළි පත්තේ
නින්දක් ඉල්ලා ගත්තේ
පුරු පුරු ගාලා
නිදි කුමරිය තව පිම්බා
තෝර පදුරු නිදිකුම්බා
හොදටම නින්දේ
නිදි කුමරිගේ සළුව වැදී
යන විට ගහ කොළද නිදී
සුළගින් මිදිලා
බොළද සිගිති බබා සිඹී
නිදි යන තුරු හෙමින් පිඹී
අඩන්නට නොදී....
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කවි පංතියකි.