සුවද කැකුළු

Sunday, October 14, 2012

සමනළයා



උයන් කෙළි කෙළන මල් කුමරියන් කෙ            රෙන්
අරන් රොන් රසය මල් කුමරෙකුගේ යු               රෙන්
බියෙන් මෙන් පියාඹන හැටි මටත් හො               රෙන්
මගෙන් උඹට වරදක් නැහැ ළගට ව                    රෙන්

නිල් වන් අහස තනියම ඔය බම                          න්නේ
සෙල් ලම් කරන්නට ද  උඹ මට කිය                   න්නේ
මල් පෙති ලෙසින් මේ අත්තටු පෙනෙ                න්නේ
මල් ලෝකයේ කොතැනද උඹ උප                     න්නේ

යුත් නව සුවද මල් ගොමුවල පැණි බො               න්ට
සිත් සේ සුනිල් ගුවනෙහි රස විදග                       න්ට
අත් තටු දෙකක්  ‍්ඹට මෙන් මට පියඹ                 න්ට
ඇත් නම් මමත් එමි උඹ එක්කම ය                     න්ට

ඉන්න තැනක් සොයමින් මෙන් මන පි                නවා
අන්න තවත් සමනළයෙක් පියඹ                         නවා
එන්න කිය කියා ඌ ‍්ඹට අමත                            නවා
යන්නද? හොදයි එහෙනම් මා නවති                   නවා

(මෙය ඇස් මහින්ද හිමියන් විසින් රචිත කවි පංතියකි - ළමා කව් කළඹ)

6 comments:

  1. ම්ම්.. උන්වහන්සේගේ කවි කොහොමත් ලස්සනයිනේ.සරල බස් වහරක් උනාට සමහර කවි වලින් ලොකු කතාවක් කියනවා.නියමයි.

    ReplyDelete
  2. ආ.. අර බ්ලොග් පොත කියන එක නිසා දෙවෙනි කවියේ සමහර කොටස් පේන්නේ නෑ.

    ReplyDelete
  3. ඔයා හරි තමයි ඒකට මොනවා හරි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔයා ඒක අයින් කරාද?අයින් කරන්නේ නැතුව හදන්න බැයිද?

      Delete
  4. දැන් කාලෙ දරුවන්ට ළමා කවි කතන්දර ගී සින්දු අහන්න දකින්න නැහැ නේ.
    ස්තුතියි ඔයාට.
    ජය වේවා.

    ReplyDelete
  5. දයියා

    ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete